කැබිනට් සංශෝධනය තරහා අය යාලු කරපු සීනි ටොපියක්….ලෝක විහිළුවක්….!

0

විද්‍යාත්මක යැයි පාරම් බෑ කැබිනට් සංශෝධනයේ කිසිදු විද්‍යාත්මක බවක් නොමැති බවත් එය ලෝක විහිළුවක් බවට පත් ව ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පවසනවා.

කැබිනට් සංශෝධනය තුළ අන්තර්ගත වී ඇත්තේ ඇමැතිකම් අහිමි වූවන්ට ඇමැතිකම් දීමත්, සිත් අමනාපකම් දුරුකර ගැනීමක් පමණක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

අද දිනයේදිත් නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධූර පත් කළ බවත් මෙම ඇමැතිවරුන් පත් කිරීම ඇදි ඇදී යන බාලගිරි හසු වූ ලෙස කොහේ නතර වේදැයි විශ්වාස කිරීමට අපහසු බවත් ඔහු සඳහන් කළා.

රටේ දියුණුවට හේතුවන විෂයන් බෙදීමක් හෝ ජනතාවට ඵලක් වන කිසිවක් හෝ නොමැති බව පවසන මන්ත්‍රිවරයා මේ වනවිට ගෑස් මිල 245කින් වැඩිවීමත්, රුපියල දිනෙන් දින හෑල්ලු වීමත්, 52,000කට අධික උපාධිධාරීන් පිරිසක් විරැකියාවෙන් පෙළීමත් ගැන ආණ්ඩුවට කිසිදු තැකීමක් නොමැති බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here