ශ්‍රිලනිපයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා මෙන්න

0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මීළඟ ජනාධිපති අපේක්ෂකයා වන්නේ ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා පවසයි.

ඊයේ (1) ලබුදුව දක්ෂිණ පායේ පිහිටි ප්‍රධාන අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රධාන අමාත්‍යවරය කියා සිටියේ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයට එන්නේ නව වැඩපිළිවළකින් ඇති වූ දුර්වලතා යන ගැටලු සහගත තත්ත්වයන් නිරාකරණය කර ගෙන බවයි.

“කවුරු ඉල්ලුවත් කවුරු අපේක්ෂා කළත් මීළඟට පැවැත්වන ප්‍රධානතම මැතිවරණය මහ මැතිවරණය නොව ජනාධිපතිවරණයයි.  එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂ සභාපති ලෙස ඉදිරිපත් කෙරෙනවා.”

“පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ ලබාගත් සමස්ත ඡන්ද පදනම 40යි. 60ක ඡන්ද පදනමක් ජනාධිපතිතුමා ප්‍රධාන යහපාලන කඳවුරේ තියෙනවා. සුළු ජාතීන්ගේ සහායත් ඒ තුළ තිබෙනවා.
ජනාධිපතිතුමා මෙවරද ජනාධිපතිවරණයට එන්නේ පරාජය වෙන්න නොවේ. එසේ පරාජය නොවෙන්න 60 ජනතාවගේ සියලු බලමුළු එකතුකිරීමේ ‍පොදු අපේක්ෂකයා වීම සඳහා ගත හැකි තීරණ තීන්දු හා පියවර ඉදිරි දිනවලදී දැකිය හැකිය.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here