ජනතාවගේ බඩ පිරෙනවා නම් අපිට සතුටුයි…..එහෙම වෙන්නේ නෑනේ….එකම කට්ටිය අනනවා විතරයි!

1

යහපාලන රජයෙන්  බලාපොරොත්තු වූ වෙනස හැම අංශයකින්ම දක්ක්නට එබෙන බවත් ජනතාවගේ බඩ නොපිරෙන වෙනසද සිදුවී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා.

ඊයේ (02) මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හිටපි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

අද නව නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු දිවිරුම් දුන්නා, ඔබතුමා මොකද හිතන්නේ?

“මොකද්ද ඉතින් අපිට කියන්න තියෙන්නේ අලුතින් එකම කට්ටියක් අනනවා. මිනිස්සුන්ගේ බඩ පිරෙනවා නම් මිනිස්සුන්ගේ ප්‍රශ්න නැත්නම් අපිට ඉතින් බොහෝම සන්තෝෂයි. ඒත් ඉතින් එහෙම වෙන්නේ නෑනේ.”

වෙසක් පෝයක් පහුවුණා තව එක වෙසක් පෝයකින්….?

“එක පෝයයි, එක පෝයයි…”

මේ සැරේ මැයි දිනයකුත් නැහැනේ?

“මේ ආන්ඩුවෙන් අපි ජනතාව වෙනසක්නේ බලාපොරොත්තු වුණේ වෙසක් දවස අප්‍රේල් මාසෙට බක් මාසෙට ගෙනල්ලා. මැයි දිනය 7 වෙනිදාට දැම්මා වෙනස ඒ ආකාරයෙන්ම පෙන්නනවා.”

තව මාස 20කින් මේ ආණ්ඩුව ඉවරයි?

“එච්චරවත් තියෙයිද කියලා බලමු අපි.”

Mahinda Rajapaksa

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here