යහපාලන රජයෙන් යනවා කිව්වේ නෑ…..මම කියපුවා මට මතකයි…!

0

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් විජේදාස රාජපක්ෂ ඊයේ (02) එම ධූරයේ වැඩ බාර ගනු ලැබූවා. එහිදි ඔහු සඳහන් කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ වන විට කොටස් තුනකට කැඩි ඇති බවත් ඔවුනට අවශ්‍ය පරිදි රට අස්ථාවර කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත් ය.

අනතුරුව මාධ්‍යවේදීන් අමාත්‍යවරයා මින් පෙර පැවසූ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කර සිටියා..

ඔබතුමා පසුගිය සතියේ ප්‍රකාශ කළා ජාතික ආණ්ඩුව කියන්නේ අච්චාරුවක්. ඒ වගේ ආණ්ඩුවක ඔබතුමා තනතුරු බාර ගන්නේ නෑ කියලා. ඇයි හදිසියේ ඔබතුමා වෙනස් වුණේ?

“නෑ කිසිම හදිස්සියක් නෑ. ආණ්ඩුවේ සන්දර්භය හුගාක් වෙනස් වෙලා තියනවා. රාජ්‍ය නායකයෝ දෙන්නාගේ ඉල්ලීම සහ අපි දේශපාලකයන්ව් අශයෙන් ජනතාවට සේවය කළ හැකි ඕනෑම අවස්ථාවක එම ඉල්ලීම ඉටු කළ යුතු නිසා මම ඒ ඉල්ලීමට එකඟව බාර ගත්තා.”

ඔබතුමා වරක් ප්‍රකාශ කළා…….?

“වරක් ප්‍රකාශ කළ දේවල් නෙමෙයි දැන් අවශ්‍ය ඒවා අහන්නකෝ.”

ඔබ කිව්වා ලැජ්ජාවට පත් වෙනවා කියලා මේ වගේ කැබිනට් මණ්ඩලයක් ඉන්න?

“ඔව් ඉතින් එහෙම ඒවා වෙනවා. ඔබට මතක ඇති 2007 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ගැන කිව්වා මට ලෝකයේ තියන ලොකුම ලැජ්ජාව මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් වෙන එක කියලා.”

යහපාලන ආණ්ඩුවේ තවදුරටත් ඉන්නේ නෑ කියලා. ඇමති කෙනෙක් විදියට ඉන්න දැන් ලැජ්ජාවක් නැද්ද?

“යහපාලන ආණ්ඩුවේ ඉන්නේ නෑ කියලා කිව්වේ නෑ. මම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙක්. ඔබගේ අර්ථ නිරූපණය නෙමෙයි. මම කියපුවා ඔබට වැඩිය මට හොදට මතකයි.”

ඇමතිකම් ගන්නේ නෑ කියලා කතාවක් කිව්වා නේද?

“කියපු එකට තමයි උත්තෙරේ දුන්නේ දැන්.”

Wijeyadasa Rajapakshe