‘ගෝඨාභය රාජපක්ෂ නම පාවලා දීලා හිරෙන් නිදහස් වෙන්න පුළුවන්’ – CIDයේ අලුත්ම සෙල්ලම

0

අත්තඩංගුවට පත් වන රණවිරුවන්ට නිදහස් වීමට අවශ්‍ය නම් සිය නම පවසන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බල කර සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරනවා.

ඊයේ (02) කොට්කාවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව පවසා සිටියා.

“මේ රටේ දූෂණයක් තිබුණාය, විවිධ කාරණා මත බලයට පත් වෙච්ච රජය අද බලන්න කවුද හිරේ දාලා තියෙන්නේ කියලා. අද ඉරේ ඉන්න වැඩි හෙනෙක් රණවිරුවන්. එතකොට මේ රටේ දූෂණ අපරාධ කළේ රණවිරුවන්ද? අපේ රටේ යුද්ධ කාලේ දැඩි කැපවීමකින් කටයුතු කළ බුද්ධි අංශ නායකයින් සියළු දෙනාම හිරේ දැම්මා. අද වෙනකොට යුධ හමුදා බුද්ධි අංශ නායකයා හිරේ දැම්මා. දැන් මේ සියළු රණවිරුවන්ට එළියට එන්න නම් තියන එකම ක්‍රියාමාර්ගය තමයි එයාලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ නම කියන්න. මේ සියල්ල කළේ ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්න. රණවිරුවන් කවදාවත් බොරු කියලා ජිවිතය ආරක්ෂා කරන කට්ටිය නෙමෙයි. ඒනිසා ඒ වචනය ඒ අයගෙන් ගන්න පුළුවන් කමක් නෑ. නමුත් මේ පරීක්ෂණ පවත්වන සී අයි ඩී මහත්වරු ඔවුන්ට කියන එකම දේ තමයි මේ නම කියන්න එතකොට අපි යන්න දෙන්නම්. ඉතින් මෙවැනි පහත් තත්ත්වයකට රණවිරුවන්ව පත් කරපු යුගයක, තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීමට බොරුව භාවිත කරන යුගයක. පුදගලිකව මරන්න බැරි වුනත් චරිත ඝාතනය කරලා බලයේ රැදිලා ඉන්න කටයුතු කරනවා,”හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියා.

Gotabhaya Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here