කකුල් දෙකේ අලි මට්ටු කරන්න මේ පට්ටම මදි – එජාපයේ හතුරා ඉන්නේ ඇතුලේ නෙමෙයි එළියේ

0

එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුද නිර්මාණය කරන්නේ පක්ෂයෙන් පිටත් සිටින පිරිස බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඊයේ (02) ගම්පහ ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

ඔබතුමාට නම අමාත්‍යධූරයක් ලැබුණා අලි මිනිස් ගැටුම විසදන්න පුළුවන් වෙයිද?

“ජාතියක් විදියට ඒ වස්තුව රැක ගන්න අතීතයේ සිටම කැපවුණා මදි කියලයි මගේ මතය වෙන්නේ.”

වැඩිකාලයක් ඉන්නේ නෑ අමතිවරුන් මේක දිගටම කරගෙන යන්න පුළුවන් වෙයිද?

“මට විශ්වාසයක තියනවා අවංකව වගකීමෙන් වැඩකළොත් අසාර්ථක වෙන්න විදියක් නෑ කියලා.”

මේක විද්‍යානුකුලව ගැලපෙන එකක්ද ඔබතුමාට ලැබුණු අමාත්‍යාංශය?

“ප්‍රාදේශිය සංවර්ධන කියන්නේ ගැමි ජීවිතයට අදාළ දෙයක්. අපේ රටේ ගැමි ජීවිත තමයි ලගින්ම වන ජීවින් එක්ක ඇසුරුවෙන්න ලගින්ම. ඒ නිසා ඒ කේෂ්ත්‍ර දෙකේ යම් ගැලපීමක් තියනවා.”

වනජීවි අමාත්‍යාංශය අලි මිනිස් ගැටුම බේරනවා වගේ එක්සත් ජාතික පක්ෂය තුළ තියන අර්බුදයත් විසඳා ගන්න පුළුවන් වෙයි ද?

“මේ අමාත්‍යාංශයෙන් කකුල් දෙකේ අලින්ගේ ප්‍රශ්න විසදන්න අමාරුයි”

දැන් කවූද මේ ගැටුම් අවුලන්නේ ඇතුලේ ඉදගෙන?

“පක්ෂේ ඇතුලට වඩා එළියෙත් ඉන්නව පක්ෂේ ඇතුලේ ප්‍රශ්න ඇති කරන්න පක්ෂය වට්ටවන්න, නායකයාට ප්‍රශ්න ඇති කරන්න කුරුමානම් අල්ලන උදවිය ඒ නිසා ඒ සියල්ලන්ගෙන්ම ආරක්ෂා වෙලා අපි පක්ෂය ඉදිරියට ගෙනියන්න කැපවෙනවා.”

Sarath Fonseka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here