අගමැතිගේ දොළදුකට ජවිපෙන් මාලු ඇඹුල්තියල්….!

0

රජය සිංගප්පුරුව සමග එළඹීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුම හරහා මෙරට වෘත්තීයවේදින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා.

ඊයේ (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

“මේ රටේ වෘත්තීයවේදින්ට හා ආර්ථිකයට විශාල ලෙස බලපාන ගිවිසුමකට ආණ්ඩුව හොර රහසේම අත්සන් තබනවා සිංගප්පූරුවේදි. සිංගප්පූරුවත් සමඟ. ඔබ දන්නවා ශ්‍රි ලංකාවෙන් සිංගප්පූරුවට යවන භාණ්ඩ වලට විශාල වශයෙන් බදු අයවෙන්නේ නෑ. සිංගප්පුරුව සමඟ විශේෂ වෙළඳ ගිවිසුම් වලට එළඹීමට ලංකාව පැත්තෙන් අවශ්‍යතාවයක් නෑ. 9 වෙනිදා කැබිනට් මණ්ඩලයට තමයි මේක දාන්නේ, දාලා කල් දානවා./ එතකොට 16 වෙනිදා කැබිනට් මණ්ඩලයෙත් මේක අනුමත වෙන්නේ නෑ. ඒත් කැබිනට් පත්‍රිකාවල දානවා වංචනිකව එක අනුමත වුණා කියලා. ඔබ දන්නවා පහුගිය දවස්වල එට්කා ගිවිසුම අත්සන් කරන්න ආණ්ඩුව විශාල උත්සයක් දැරුවා. ඒකට විරුද්ධව විශාල ජනබලයක් නැගි හිටියා. ආණ්ඩුව දැන් කරන්නේ වෙන පාරකින් මේ රටේ වෘත්තීයවේදින්ගේ අයිතිය විනාශ කරන්න හදනවා. දැන් එට්කා ගහන්න ඕන නෑ. මලික් සමරවික්‍රම ඇමතිවරයා කැබිනට් මණ්ඩලයත් නොමග යවලා මේක කළේ. පාර්ලිමේන්තුව මේකට අනුමැතිය දුන්නොත් අනාගත පාර්ලිමේන්තුවකට අවශ්‍ය වූනත් මේක ආපහු හරවන්න බෑ.”මලික් සමරවික්‍රම අමාත්‍යවරයා අගමැතිගේ බලතල අරගෙන කර මේ ක්‍රියාව ආපස්සට හරවන්න ක්‍රියා කරන්න කියලා අපි අණ්ඩුවෙන් ඉල්ලනවා.”

“මොනවා නොකලත් කැබිනට් සංශෝධන කරන්න ආණ්ඩුවට පුළුවන්. පොඩි එකෙකුට ප්‍රෙහෙලිකා ලැබුනාම අර පැත්තට මේ පැත්තෙට දානවා වගේ මාස 6 7කට සැරයක් පැත්තට මේ පැත්තට දාලා බලනවා.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Wimal Weerawansa