පලනි දිගමබරම් වගකීමක් නැති ඇමතිවරයෙක් – වතු වෘත්තීය සමිති වලට පොල්ල තියලා…

1

වතු කම්කරුවන්ට ස්ථිර ඉඩමක්, නිවසක් හා ස්ථිර ලිපිනයක් ලබා දිය යුතු බවත් එතෙක් ඔවුන්ට ඍජුව ලිපි ලැබෙන තාවකාලික ලිපිනයක් ලබා දිය යුතු බවත් වතු කම්කරු මධ්‍යස්ථානය අවධාරණය කකරනවා.

ඒ සඳහා රජය ප‍්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව අද (02) මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් වසන්ත කුමාර අබේකෝන් අවධාරණය කළා.

“දැන් වතු කම්කරුවන්ට ලිපි ලැබෙන්නේ වතු අධිකාරීවරයාගෙන්. ලිපි බෙදන්නේ වතු අධිකාරීවරයා යටතේ. සමහර අත්‍යවශ්‍ය ලිපි ඔවුන්ට ලැබෙන්නේ නෑ.  ඒ නොලැබෙන ලිපි රැකියා පිළිබඳව වෙන්න පුළුවන්. විභාග ප‍්‍රතිඵල පිළිබඳ වෙන්න පුළුවන්. ඒ නිසා වතු කම්කරුවන්ට ස්ථිර ලිපිනයක් දිය යුතුයි. වතු අධිකාරීවරයා යටතේ ලිපි බෙදීම වෙනුවට තැපැල් දෙපාර්තමේන්තුව හරහා ලිපි බෙදිය යුතුයි.” යැයිද ශ‍්‍රී වසන්ත කුමාර අබේකෝන් පැවසීය.

මේ පිළිබඳව සාකචඡා කිරීමට කඳුකර නව ගම්මාන හා යටිතල පහසුකම් ඇමති පලනි දිගම්බරන් අද දිනය ලබාදී තිබූ නමුත් වෘත්තීය සමිති නියෝජිතයන් එම ස්ථානයට යන විට ඇමැතිවරයා සාකච්ඡාව මග හැර ගොස් තිබූ අතර  ඇමතිවරයාගේ එම වගකීම් විරහිත ක‍්‍රියාව පිළිබඳව සංවිධායක ලේකම්වරයා අප‍්‍රසාදය පළ කළා.

‘‘මුලින්ම ඇමතිවරයා සාකච්ඡාවට දිනය ලබාදී තිබුණේ අපේ‍්‍රල් 26 වැනිදා. නමුත් 25 වැනිදා කිව්වා, 26 වැනිදා රැස්වීමක් නිසා මැයි දෙවැනිදා – අද – එන්න කියලා. ඒ අනුවයි අපි අද අමාත්‍යාංශයට ගියේ. අද ඇමතිවරයාගේ මහජන දිනය. නමුත් අඩුම තරමේ මේ ප‍්‍රශ්නය සාකච්ඡා කරන්න තමන්ගේ ලේකම්වරයා සම්බන්ධ කරන්නවත් ඇමැතිවරයා වගකීම් සහගත වුණේ නැහැ’’ ඔහු පවසා සිටියා.

පලනි දිගම්බරන්, තොණ්ඩමන් වැන්නන් මේ ප‍්‍රශ්නය විසඳීමට කුමක් සිදු කර ඇත්දැයි මාධ්‍යවේදියකු විමසූ විට ඊට පිළිතුරු දෙමින් වතු කම්කරු මධ්‍යස්ථානයේ විධායක කමිටු සාමාජික මාක්ස් ප‍්‍රභාගර් මෙසේ පැවසීය.

‘‘වෘත්තීය සමිති හදන්නේ කම්කරුවන්ගේ වැටුප්, සේවා ස්ථානවල ගැටලූ ඇතුළු වෘත්තීය ප‍්‍රශ්නවලට මැදිහත් වෙන්න. නමුත් තොණ්ඩමන්ලා, දිගම්බරන්ලා වතු කම්කරුවන් තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගන්න යොදා ගන්නවා මිස ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳන්න මැදිහත් වෙන්නේ නෑ. ඉතිහාසය පුරාම අපි දැක්කේ ඒක. හරි වැඩපිළිවෙළක් තියෙනවා නම් ඔවුන්ට ලිපිනයක් සකසා දීම මාස තුනකටත් අඩු කාලයකින් විසඳන්න පුළුවන් ප‍්‍රශ්නයක්.’’

1 COMMENT

Comments are closed.