හදිසියේ මතු වූ අල්ලස් හොරුන්ට රස්සාව නැතිවෙයි……!

0

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක යන අයගේ සේවය වහාම අත්හිටුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  නියෝග කර තිබේනවා.

එසේම එම නිලධාරින් දෙදෙනාට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නිතිය ක්‍රියාත්මක වීමටද අවස්ථාව සලසන ලෙසත් ජනාධිපතිවරයා නියෝග කළ ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් කෝටි 56ක අල්ලසක් ඉල්ලා එය කෝටි 10කට කේවල් කර රුපියල් කෝටි 2ක අත්තිකාරම් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී කොළඹ තරු පහේ හෝටලයක් තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා ඊයේ (03) පස්වරුවේ අත්තඩංගුවට ගනු ලැබුවා.

පසුව ඊයේ රාත්‍රියේ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here