තත්පරයට සබීතා අත අරින්න මහින්ද සූදානම්……!

0

හමිබන්තොට දිස්ත්‍රික් පාක්ෂිකයින් මේ දිනවල තමාට දුරකතන ඇමතුම් ලබා දෙමින් “මහින්ද මහත්තයාටවත් ධිවර ඇමතිකමෙ ඉදිද්දි කරන්න බැරි උන ජනතා සේවයක් ඔබතුමා සිදුකලෙ යැයි පවසන විට” නිහඩ අභිමානයක් ඇතිවන බව හිටපු ධීවර ඇමති හා වර්තමාන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඊයේ (03) කෘෂිකර්ම අමාත්‍යාංශයේදි නව අමාත්‍යධූරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අමාත්‍ය දුමින්ද දිසානයක විසින් කෘෂිකර්ම අමාත්‍යංශය සදහා කුලියට ගත් නව ගොඩනැගිල්ල පිළිබද විවිධ පාර්ශව කුමන ප්‍රකාශ සිදුකලත් එම ගොඩනැගිල්ල කුලියට ගැනිම අනාගතය වෙනුවෙන් ගත් දුරදර්ශි තීරණයක් බවයි.

“දැන් අපිට එක් එක්කෙනාට චෝදනා කරමින් ඉන්න කාලයක් නෑ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයයි, එක්සත් ජාතික පක්ෂයයි ජාතික ආණ්ඩුවක් විදියට කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට අපිට ඉඩ දෙන්න බෑ. ඒවගේම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියළුම ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැංවීමට අපිට ඉඩ ලැබෙන්නේ නෑ කියලත් අපි පිළිගන්නවා. ජනාධිපතිතුමාට ලබා දුන්න වරම අනුව එක්සත් ජාතික පක්ෂයේ අඩුපාඩු පෙන්නුවා කියලා එතුමාට බේරෙන්න පුළුවන්කමක් නෑ. එක්සත් ජාතික පක්ෂයේ අගමැතිතුමා ඇතුළු පිරිසටත් බේරුමක් නෑ මේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂේ අඩුපාඩු නිසාය මේ දේ වුණේ කියලා. දෙගොල්ලන්ටම වගකීමක් තියනවා.”

“මට මේ සැප ගොඩනැගිලි වල ඉදීමේ අවශ්‍යතාවය තියන කෙනෙක් නෙමෙයි. අමාත්‍යාංශය තිබුණු පරණ ගොඩනැගිල්ල එතුමාට දෙන්න සිද්ධ වුණා. මම දැන් හොයලා බලනවා එම ගොඩනැගිල්ල ආපහු දෙන්න පුළුවන්කමක් තියනවා නම් එම ගොඩනැගිල්ලට යන්න කටයුතු කරනවා. මම උපරිම උත්සහ කරනවා එම ගොඩනැගිල්ල ගන්න. එහෙම ගත්තොත් වහාම එම ගොඩනැගිල්ලට යන්න කටයුතු කරනවා. තව තව නම් හදා ගන්න පුළුවන්. ඔක්කෝම තේ කෝප්පයේ කුණාටුව වගේ තමයි.” අමාත්‍යවරයා පවසා සිටියා.

Mahinda Amaraweera