රටට ඉතින් දෙයියොන්ගේම පිහිට තමා…..!

0

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගනු ලැබු පළාත් පාලන ආයතන වල බලය එක්සත් ජතික පක්ෂය එකතු වි පිහිටුවා ගැනීම කෙරෙහි පරීක්ෂණයක් පවත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ (03) මහව ප්‍රදේශයේ දි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

දැන් රට කොයි වගේ වෙයිද?

“රටට ඉතින් දැන් දෙයියන්ගේම පිහිට තමයි . අද මම දැක්කා කොහේද තියනවා කබඩ් එකේ යට තට්ටුවේ තියන දේවල් උඩට දාලා උඩ තියන දේවල් යටට දාලා. සමහර දේවල් කවලම් වෙලා ගිහිල්ලා ඒ වගේ වැඩක්. අනිත් එක කිසිම විද්‍යාත්මක පදනමක් නෑනේ. වචන තිබ්බ පලියට ඒ වචන පාවිච්චි කරන්න නරකයි”

ඔබතුමාලා බලය පිහිටුවා ගත් සමහර පළාත් පාලන ආයතන වල එක්සත් ජාතික පක්ෂය මැදිහත් වෙලා බලය පිහිටුවන්න කටයුතු කරලා තියනවා.

“ඔව් එහෙම කිහිපයක්ම වෙලා තියනවා. ඒ ගැන පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here