විධායක ජනාධිපතිකම තිබ්බේ නැත්නම් අද රටක් නෑ…යහපාලනය රට විනාශ කරලා….!

0

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි තමන් විශ්වාස නොකරන බව හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රි චම්ල් රාජපක්ෂ පවසනවා.

ඊයේ (04) මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

විධායක ජනාධිපතික්‍රමය අහෝසි කළ යුතුයි කියලා පිරිසක් කියනවා. තව පිරිසක් කියනවා අහෝසි නොකළ යුතුයි කියලා. ඔබතුමා ඉන්නේ මොන මතයේ ද?

“විධායක ජනාධිපති ක්‍රමය මේ මොහෙතේ තවදුරටත් තිබිය යුතුයි කියන මතයේ තමයි මම ඉන්නේ. ඒකට හේතු ගණනාවක් තියනවා. අද එක තැනකට බලය පැවරුවා නම් මේ රට විනාශයෙන් විනාශයට පත් වෙන්න තිබුණා. යම් යම් දේවල් පාලනය කර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ මොහොතේ ජනාධිපතිවරයාගේ බලතල හින්දා. ජනාධිපතිවරයෙක් නොහිටියා නම් මේ රජය බලයට පත් වුණාට පස්සේ මේ රටේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ.”

ඇයි මේ ආණ්ඩුවට ආර්ථිකය කළමනාකරණය කරගන්න බැරි වෙලා තියෙන්නේ?

“මම දකින්නේ ආණ්ඩුව උත්සහ කළේ මහින්ද රාජපක්ෂ මහත්තයා පලවා හරින්න මිසක් ඒක් අලය තුළ රටේ ආර්ථිකය ගෙන ගිය ආකාරය අධ්‍යනය කිරීමවත්, රටේ තිබිච්ච ප්‍රශ්න කෙරෙහි අධ්‍යයනය වත් නොකොට රට බාර ගත්තා. අරගෙන අවුලෙන් අවුලට පත් කළා.”

Chamal Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here