පොහොට්ටුව එක හඩින් ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂයි….!

0

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්නේ ගෝඨාභය රාජපක්ෂට ඇති බිය නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණුගම පවසා සිටිනවා.

අද (05) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

“ආණ්ඩුවෙන් ඉවත් වෙච්ච 16 දෙනත් අපේ මැයි දිනයට සහභාගි වන බව දන්වලා තියනවා. 20 වෙනි සංශෝධනයක් ජනතා විමුක්ති පෙරමුණ නැවත ගේන්න හදන්නේ ඉතාම කෙටියෙන් කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බය නිසා කියන එක කියන්න ඕන.”

“පාක්ෂිකයන්ගේ ලොකු ඉල්ලීමක් තියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒක කියන්න අපි බය වෙන්න ඕන නෑ, ඒක අපේ පාක්ෂිකයින්ගේ ඉල්ලීම. ඉල්ලීමක් තිබුනොත් එතුමා එන්න සූදානම් කියන කාරණය එතුමා කිව්වා. පාක්ෂිකයන්ගේ එම ඉල්ලීම ඉටු කිරීමේ වගකීම පොහොට්ටුවේ ප්‍රධානීන්ට පැවරෙනවා.” මන්ත්‍රිවරයා පවසා සිටියා