ගම් මට්ටමේ ඡන්ද එජාපයට නෑ….මෙහෙම ගියොත් පළාත් සභා පරදිනවා ඒක සිකුරුයි….!

0

අද (06) සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් වර්ජනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රන්ජිත් අලුවිහාරේ මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“අගමැතිතුමා අගමැතිකම බලාපොරොත්තු වුණා. නායකකම බලාපොරොත්තු වුණා. ඒවගේ අපිත් ආසන දිනන්නේ මන්ත්‍රිකම අරගෙන ඇමතිකමක් බලාපොරොත්තුවෙන්. මේ වතාවේ මම අගමැතිතුමාට කිව්වා සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා ඒත් ඒක සිද්ධ වුණේ නෑ. සංවිධායකවරයෙක් තුන්පාරක් පැරදුනොත් සංවිධායක කම නැතිවෙනවා. ඒත් නායකත්වය දිහා බැලුවම ඒක වෙලා නෑ. නායකයා වෙනස් වෙන්නේ නැතුව අනිත් වෙනස්කමක් සිද්ධ වෙලා වැඩක් නෑ. දැන් අපිට ප්‍රශ්නයක් වෙලා තියනවා 19, 20  කොහොමද ජනාධිපති අපේක්ෂකයෙක් පත් කරන්නේ කියලා. ඊට ඉස්සල්ලා අපිට ප්‍රශ්නයක් තියනවා පළාත් සභා මැතිවරණය එනවා. අපි දන්නවා අපි ඒක අනිවාර්යයෙන් පරදිනවා. දැන් තියන තත්ත්වය අනුව ගම් මට්ටමේ ඡන්ද අපිට නෑ. ඒනිසා මම තීරණය කළා මැයි දිනයට මම සෙනඟ ගෙනියන්නේත් නෑ, මම යන්නේත් නෑ කියලා. මම විතරක් නෙමෙයි අපිට වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමේ සංඛ්‍යාව මම කියන්න කැමතිනෑ. ඉදිරියේදි අපි එකතු වෙලා තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා. සමහර විට විනයානුකූල ක්‍රියාමාර්ග ගනීවි මම ඒකටත් ලෑස්තියි.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Ranjith Aluwihare