දූෂණය සහ අල්ලස වැළැක්වීමට සහ මුලිනුපුටා දැමීමට අපි පෙරමුණ ගන්නවා…!

0

රාජ්‍ය සේවයේ මෙන්ම අනෙකුත් සියලු අංශවල තිබෙන දූෂණය සහ අල්ලස වැළැක්වීමට සහ මුලිනුපුටා දැමීමට රජයක් ලෙස ගතයුතු සියලු තීන්දු තීරණ නොපැකිළිවම ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (05) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවති ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරිම් උත්සවය අමතමිනි.

“ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි කියන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා හා සමානයි. අල්ලස් දූෂණ මත අත්තඩංගුවට ගත්තා. පෙරේදා අත්තඩංගුවට ගත්ත රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා විශ්‍රාමික රාජ්‍ය සේවා නිලධාරියෙක්. ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේත් කාර්යය මණ්ඩල ප්‍රධානියා. ටික කලකට කලින් මොහු අල්ලස් ගැනීමේ චෝදනාවට වැරදිකාරයා වෙලා අධිකරණයෙන් ඇප ලැබිලා ඉන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාර්යය මණ්ඩල ප්‍රධානී විදිඅයට ඉඳලා. අත්තඩංගුවට ගත් මගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා මගේ සේවාවට ඇවිල්ලා තවම මාස දෙකක්වත් නෑ. ජනාධිපතිවරු තුන්දෙනාගේම මෙම තනතුර දරපු අය දැන් ඉන්නේ හිරේ. ජනතාවගේ වෛරයට, ජනතාවගේ ද්වේෂයට, ජනතාවගේ පිළිකුලට ලක්වන ආකාරයට දේශපාලකයා හා රාජ්‍ය සේවකයා කටයුතු කළ යුතුයි. මම ඇමතිවරයෙක් ලෙස කටයුතු කළ කාලයෙත්, ජනාධිපතිවරයා ලෙස මේ අවුරුදු තුන තුලත් අල්ලස දූෂණය, හොරකම, රාජ්‍ය දේපල අවභාවිතය, නාස්තිය කිසිදු භේදයකින් තොරව ඒ පිළිබඳව තීන්දු තීරණ ගත්තා.” ජනාධිපතිවරයා පවසා සිටියා.

මහබැංකුව පිළිබඳ පත්කළ ජනාධිපති කොමිසමේ කටයුතු නිසි ලෙස ඉදිරියට කි‍්‍රයාත්මක කළා සේම ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමද ඉදිරියේදී බොහෝ වැදගත් තොරතුරු රටට හෙළි කරනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

Maithripala Sirisena

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here