2015 ජනාධිපති කළේ වැරදි මිනිහෙක්…..!

1

2015 දි වැරදි පුද්ගලයන්ට බලය ලබා දීමට කටයුතු කළ නිසා මේ වන රජයත්, එක්සත් ජාතික පක්ෂයත් විනාශ වෙමින් පවතින බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

අද (06) සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදි එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

2015 ජනාධිපතිවරණයට පෙර තමා අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී විශේෂ සාකච්ඡාවක් කළ බවත් එහිදි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් පැවසු අමාත්‍යවරයා එදා එම තීරණය නොගැනීම නිසා අද රටේ පාලනය වැරදි අත්වලට හිමිවි එක්සත් ජාතික පක්ෂයේ කකුලෙන් අදින තත්ත්වයට පත් වී ඇති බවත් පවසා සිටියා.

එසේම 2020 දි අනිවාර්යයෙන් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවන බවත් එම ජනාධිපතිවරයා අන් කවරෙකුවත් නොව රනිල් වික්‍රමසිංහ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ සඳහා සියලු දෙනා තම පෞද්ගලික න්‍යාය පත්‍රවලින් බැහැරව එක් සිතින් එජාපයේ ජයග්‍රහණය සඳහා කැප විය යුතු බවත් ඔහු අවධාරණය කර සිටියා.

Sarath Fonseka

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here