ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාවක් ශ්‍රිලංනීප මධ්‍යම කාරක සභාවට…..

0

ශ්‍රිලංනීපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් ලබන 15 වෙනිදාට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව හිටපු කම්කරු,වෘත්තීය සබඳතා හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න පවසා සිටිනවා.

එම යෝජනාව සම්මත වුවහොත් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

“මේ ගමන එක්තරා විදියට ව්‍යාකූල බවක් පේනවා. අපේ පක්‍ෂය ඉන්නවා ආණ්ඩුව පැත්තේ. අපි යනවා විපක්‍ෂය පැත්තට. මේ මාසේ පහළොස් වෙනිදා අපි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ගේනවා මේ ආණ්ඩුවෙන් ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂය ඉවත් විය යුතුයි කියලා. ඒ යෝජනාව ජයග‍්‍රහණය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක ජයග‍්‍රහණය කළොත් මුලූ පක්‍ෂයට එනවා. එන්න බෑ කියලා කවුරුහරි කියනවනම් ඒ අයට යූඇන්පියට යන්න වෙනවා. එදාට ඒ ආණ්ඩුවේ ඉන්න ඕනෑ අයට මැති ඇමතිවරුන් වශයෙන් ඉන්න වෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ අය විදියට. අපේ පක්‍ෂයේ ලේකම්, සන්ධානේ ලේකම් ඇතුළු තුන් හතර දෙනෙක් එක්සත් ජාතික පක්‍ෂයට බැඳෙයි කියලා මම හිතනවා. අනිත් අය අපිත් එක්ක විපක්‍ෂයට එයි කියලා විශ්වාසයක් තියනවා.” අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here