පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාගේ අන්තිමට තීරණය කරන්නේ පක්ෂයයි….!

0

පක්ෂයේ සියලු නායකයින්ගේ යෝජනා එකඟතාව මත ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තීරණය වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අද (06) බෙල්ලන්විල රජමහා විහාරයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්  හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

මැයි දිනයේ සූදානම කොහොමද?

“ලංකාවේ හැම ආසනයකින්ම, හැම කොට්ඨාසයකින්ම නියෝජනය වන පරිදි ජනතාව මේ මැයි දිනයට සහභාගි වේවි. ගෝල්ෆේස් පිට්ටනිය පිරෙව්වා වහේ ගාල්ලේ සමනල පිට්ටනියත් සම්පූර්ණයෙන්ම පිරෙයි කියලා බලාපොරොත්තු වෙනවා.”

මැයි දිනය පවත්වන්න ඉල්ලපු සමහර ස්ථාන නොදුන් බවට වාර්තා වෙනවා?

“ඔව් එහෙම තමයි අපි ගාලු මොවදොර ඉල්ලුවා. ගෝල්ෆේස් හැබැයි අපිට දුන්නේ නෑ. දුන්නේ නැති නිසා අපිට සිද්ධ වුණා ගාල්ලට යන්න.”

ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියෙක් අත්තඩංගුවට පත් වෙලා ඉන්නවා?

“මේක තමයි ඇත්ත කතාව. ඊයේ මම අහගෙන හිටියා ජනාධිපති අපේ කාලයේ හිටපු ගාමිණි සෙනරත් මහත්තයාත් පටලවනවා. නමුත් එතුමාට එහෙම නඩුවක් නෑ. අල්ලස් ගන්නකොට ගණන් කරනකොට අහුවෙලා නෑ කවදාවත්. එතුමාගේ නඩු තීන්දුවේ සඳහන් වෙනවා ඇප දෙන දවසේ කිසිම රාජ්‍ය දේපල අවභාවිතාවට එතුමා සම්බන්ධ නෑ කියන එක.”

මේ දිනවල ආණ්ඩුවෙන් දිගටම බඩු වැඩි කරමින් යනවා?

“තව තව ඔක්කෝම වැඩි වෙයි. මිනිස්සු ඉල්ලලා ගත්ත එකනේ. මම හිතන්නේ ජනතාව දැන් තෝර ගෙන තියෙන්නේ.”

ආණ්ඩුවෙන් ඉවත් වෙච්ච 16 දෙනා ගාල්ලේ රැලියට එනවාද?

“නෑ අපි එයාලට ආරාධනා කළේ නෑ. නමුත් එයාලට එන්න පුළුවන්”

ඊලඟ ජනාධිපතිවරණයේ දි කවුද ඉදිරිපත් වෙන්නේ අපේකෂයා විදියට?

“එක එක නම් යෝජනා වෙනවා. මම යෝජනා කළාම ඊලඟට පක්ෂය යෝජනා කරනවා. පක්ෂය යෝජනා කරන නම් සලකලා පක්ෂය ගන්න තීන්දුව තමයි අවසාන තීන්දුව.”

Mahinda Rajapaksa