එජාපේ රඳා පවතින්නේ චරිත මත නෙමෙයි……, ඉදිරි පෙළ පසුපෙළ අවේ නෑ කියලා පක්ෂේ වැටෙන්නේ නෑ

0

එක්සත් ජාතික පක්ෂය රඳා පවතින්නේ චරිත මත නොව දැක්ම සහ පක්ෂ නායකයින් හා පාක්ෂිකයන් අතර ඇති සම්බන්ධතාව මත බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කරනවා.

අද (07) පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 37 වන ජාත්‍යන්තර රබර් සමුළුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“ඇත්තවශයෙන්ම අපි හිතුවේ නැ එතරම් සෙනඟක් එයි කියලා. අපි හදවතින්ම හිතුවේ නෑ. නැත්නම් අපිට ඒක එළියේ ගන්න තිබුණා. අපි හිතුවේ 2500ක් 3000ක් වගේ ප්‍රමාණයක් එයි කියලා එති 10,000ක් වගේ ප්‍රමාණයක් ආවා. ඇත්ත වශයෙන්ම ලොකු උත්සහයක් දැම්මෙත් නෑ මිනිස්සු ගේන්න. දැන් මම නුවරැළියෙන් ගෙනාවෙත් එක බස් එකයි. අපි සංකේතාත්මක වශයෙන් තමයි ඊයේ රැස්වීම පැවැත්වුයේ.පාක්ෂිකයින් කොච්චර මැසිවිලි ඔවුනට තිබ්බත් ප්‍රශ්න ඔවුනට තිබ්බත් ඔවුන් පක්ෂයට ආදරෙයි.”

පසුපෙළ විතරක් නෙමෙයි එජාපයේ ඉදිරි පෙළ ප්‍රභලයන් පවා ඊයේ උත්සවයට සහභාගි වුණේ නෑ නේ ද?

“මෙහෙමයි ඕකට ලොකු අර්ථකථන ගන්න දෙයක් නෙමෙයි. එතකොට අනිවාර්යෙන්ම කබීර් හෂීම් මහත්තයා අසනීපෙන් ඉන්නේ. මලික් සමරවික්‍රම මහත්මයා කොළඹින් පිට ගිහිල්ලා මේ වගේ ප්‍රධාන චරිත මේක වර්ජනය කරලා මේක කඩාකප්පල් කරන වැඩ කරන්නේ නෑ. මම දන්නවා මේක අලු යට ගිනි පුපුරුවගේ මේක තව අර්බුදය තියනවා කියලා. මම හිතන්නේ මේක අපි සාකච්ඡා කරලා විසඳා ගන්න ඕන.”

රවි කරුණානායක සහභාගි වුනෙත් නෑ?

“මම ඉතිහාසයෙන් පාඩම් ඉගන ගත්ත කෙනෙක්. ගාමිණි දිසානායක යූ එන් පීයේ හිටියේ නෑ කියලා පක්ෂය කඩා වැටෙන්නේ නෑ. ලලිතුයි ගාමිණියි, පක්ෂේ 2 යි 3යි පක්ෂයෙන් ගියා කියලා පක්ෂය කඩා වැටුණේ නෑ. මේ පක්ෂය රදා පවතින්නේ චරිත මත නෙමෙයි මේ පක්ෂය රදා පවතින්නේ වැඩ පිළිවෙළක් මත, ප්‍රතිපත්තියක් මත ඒ වගේම පාක්ෂිකයන් හා පක්ෂ නායකයින් අතර තියන කිට්ටු සම්බන්ධතාව මත. රවි කරුණානායක අවේ නැති එක ගැන මම කණගාටු වෙනවා. මම දන්නේ නෑ ඒකට හේතුව මොකද්ද කියලා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here