ජනාධිපති අගමැතිගේ රෙදි ගැලෙව්වා…., අගමැති ජනපතිගේ ලේකම්ට ෂොට් එක දුන්නා…දොගොල්ලෝ ගහ ගන්නවා…ජනතාව අනතුරේ!

3

රටේ දැනට ක්‍රියාත්මක වන දූෂිත වැඩපිළිවෙළ පරාජය කිරීමට සියළු දෙනා එක් විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ගාල්ල සමනල ක්‍රිඩාංගනයේදි පැවැත්වන ලද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලිය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“අපේ සෑම මැයි පෙළපාලියක් නිසාම මේ රටේ පොදු ජනතාවට මහත් ආශ්වාදයක් ලැබුණු බව තමුන්නාන්සේලා දන්නවා. මට මතකයි ගිය අවුරුද්දේ මැයි 1 වෙනිදා මේ සෙනඟ එදත් ආවා. ඉතිහාසයේ වැඩිම ජනතාවක් සහභාගි වූ මේ ආණ්ඩුව දණ ගැස්වූ මැයි රැලිය එදා පටන් ගත්තා. අද පටන් ගන්නේ මුන් බඩ ගාවන, ආණ්ඩුව බඩගාවන යුගය. බලන්න ජනාධිපතිවරයා අගමැතිගේ හොරකම් අල්ලන බව කියනවා. මතකන මැතිවරණ කාලේ දුන්න දිවිල්ල රෙදි ගැලෙව්වා අගමැතිතුමාගේ. අගමැති ගාව ඉන්නේ හොර නඩයක් කියලා කිව්වේ අපි නෙමෙයි. අපිට වඩා ඒ ගැන කිව්වේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා. දැන් ඒක අනිත් පැත්තට කියනවා අගමැතිවරයා. අගමැතිවරයා දුන්නා මෙයාගේ ලේකම්ට වැඩේ. මේ දෙගොල්ලෝ තව තවත් ගහගන්නකොට තමයි ජනතාවට පුළුවන් ජාතියේ උරුමය හොරකම් කළ උන් අල්ල ගන්න. මේ දූෂිත වැඩ පිළිවෙළ පරාජය කරන්න අපි සියළු දෙනාම එක් වෙමු කියන පණිවිඩය ඔබට දෙනවා.” හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා.

Mahinda Rajapaksa

3 COMMENTS

  1. I believe that is among the most significant info for me.
    And i’m happy reading your article. But wanna remark
    on few common issues, The website style is perfect, the articles is in point of fact great : D.
    Good activity, cheers

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here