පාලකයෝ මේ රට හිඟන රටක් කළා….රනිල් – මෛත්‍රී තව අවුරුදු 50 රට කළත් ආර්ථිකය අඟලක් ඉස්සරහට යන්නේ නෑ!

0

රට පාලනය කරන පාලකයන් රට හිඟන රටක් බවට පත් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරනවා.

“සමාජ සාධාරණත්වය, ජාතික සමගිය ගොඩනගන, ජනතාවාදී පාලයනක්” යන්න තේමා කර ගනිමින් ඊයේ (07) කොළඹ  BRC පිටියේ පැවති මැයි දින රැලිය අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“අපනයන ආදායම වගේ දෙගුණයක් තමයි ආනයන ආදායම. මේ රටට පාලකයෝ ඉන්නේ මොකටද? මොකටද ආණ්ඩුවක්. අපි හැමදාම කියනවා වගේ දැවන්ත ණය උගුලක අපේ රටේ හිර කළා. වසරකට රටේ භාණ්ඩාගාරයට ලැබෙන මුදල එම වසරේ රටේ ණය වාරිකය ගෙවා ගන්න බැරිනම් මේ රටේ පාලකයෝ මොකද කළේ. අපි මේ රටට ආදරෙයි. හැබැයි මේ රටේ පාලකයෝ අපේ රට හිගන රටක් බවට පත් කළා. එනිසා මේ ආර්ථිකයේ ඇති වී තිබෙන කඩා වැටීම. නිෂ්පාදනය ගත්තොත් මේ රටේ තියන දරුණුම කඩා වැටීම. 2017 වසරේ තමන්ගේ ආහාර වේල නිෂ්පාදනය කර ගන්න බැරි රටක් බවට මේ රට පත් වෙලා තියනවා. ඉතින් හදයි ද කාර්. රනිල් මහත්තයා කාර් නෙමෙයි ඉස්සල්ලා ලොකු ලූණු හදලා දීපන්! මේ ආණ්ඩුව තව අවුරුදු 50ක් මේ රට පාලනය කළත් මෙතනින් එක අගලක්වත් මේ රටේ ආර්ථිකය ගෙනියන්න බෑ. ආර්ථිකයේ ඇතිවන කඩා වැටීම අනිවාර්යෙන්ම ජනතාවගේ ජීවිත වලට බලපෑම් කරනවා. මේ අර්බුදයට විසදුම් හොයා ගත හැකි වන්නේ අපේ රටේ ආර්ථික ගමනට විප්ලවීය විසඳුම් සොයා ගැනීමෙන් පමණයි.” මන්ත්‍රිවරයා මෙහිදි පවසා සිටියා.

Anura Kumara Dissanayaka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here