ශ්‍රිලංනීපය නැගෙනහිර වෙරළට…එජාපේ සුගතදාසෙට තල්ලු කළේ පෙබරවාරි 10යේ ජනතා තීන්දුවයි!

0

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2020 විශ්‍රාම නොයන බව පැවසුවත් ලංකාවේ ජනතාව මේ වන විටත් ජනාධිපතිවරයා විශ්‍රාම ගන්වා අවසන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.

ඊයේ (07) ගාල්ලේදි ඒකාබද්ධ විපක්ෂ මැයි රැලිය අමතමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

“අද වැඩ කරන ජනතාවගේ දිනය. ඒ වැඩ කරන ජනතාවට හිමි රාජ්‍ය ආරක්ෂා කර ගන්න එක තමයි ඒ වැඩකරන ජනතාවගේ පළවෙනි වගකීම. ඒ රාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලින් බෙදලා වෙන් කරන්න හදන ආණ්ඩුව පෙබරවාරි 10 තමයි ජනතාවගේ තීන්දුව ගැන හරි අවබෝධයකට ආවේ. 10 වෙනිදා මේ රටේ නිර්මාණය වෙච්ච දේශපාලන තීන්දුව සිරිසේන මහත්තයා නැගෙනහිර වෙරළට තල්ලු කළා. සිරිසේන මහත්තයා සිප්පි කටු ඇහිදිනවා නැගෙනහිර වෙරලේ අද දවසේ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා, උන්නැහේව තල්ලු කළා ලංකා ඉතිහාසයේ පළවෙනි ගෘහස්ත මැයි රැළිය. සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පිටියට තල්ලු කළා. ඒකේ ඇති මැයි රැළියක් නෑ, ඒක හෙන වලියක්. වලියක් කියන්නේ කෙලියක්. වික්‍රමසිංහ කියන බලිය ඇරගන්න බැරුව එක්සත් ජාතික පක්ෂය තිබ්බේ මැයි රැළියක් නෙමෙයි මැයි වලියක්. මේ තමයි කන්න ටික නැතුව තුන් වේල දෙවේලට බස්සගෙන දුක් විදින ජනතාව වෙනුවෙන් සටන් කරන මැයි රැළිය. සිරිසේන ජනාධිපතිතුමා අද මඩකළපුවේදි කියනවා 2020 දි එතුමා විශ්‍රාම යන්නේ නෑලු. විශ්‍රාම යන්නේ නෑ නෙමෙයි මේ රටේ මහජනයා දැනටම විශ්‍රාම යවලා ඉවරයි. අලුතෙන් උසාවි හදනවා හොරු අල්ලන්න. ඉස්සල්ලම යවන්න ජනාධිපතිතුමා ලේකම්තුමා, ඊට මහ බැංකුවට වැඩේ දුන්න අගමැතිතුමා, අම්මපා ජන්මෙට වඩා ලොකුයි පුරුද්ද. මහපාරේ සටන් කරලා හරි මේ තක්කාඩි රූකඩ බාන සටන් කරලා හරි එළවලා දාන්න ඕන කියන තීන්දුව දැන් ගත යුතු කාලේ මේක,” මන්ත්‍රිවරයා මේ බව සඳහන්කලා .

Wimal Weerawansa