මහින්දගේ නායකත්වයෙන් ජනතාවාදි ආණ්ඩුවක්….!

0

නුදුරේදීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු ජනතාවාදී ආන්ඩුවක් නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රොමේෂ් පතිරණ පවසනවා.

ඊයේ (07) ගාල්ලේ සමනල ක්‍රිඩාංගනයේ පැවති මැයි රැළියෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

“බොහෝම පැහැදිළිව මේ ආණ්ඩුවට රතු එළි නිකුත් කළා මේ රටේ ජනතාව පෙබරවාරි 10 වෙනිදා, මේ ආණ්ඩුව අද ඉබාගාතේ යන ආණ්ඩුවක් බවට පත් වෙලා තියනවා. මේ අයාලේ යන ආණ්ඩුව මේ රට විනාශ කරන බව මේ රටේ ජනතාවට පැහැදිළියි. ඒනිසයි පි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ හැබැයි මෛත්‍රිපාල ජනාධිපතිවරයා අපේ කකුලෙන් ඇදලා විශ්වාසභංග යෝජනාව පරාජයකළා . හැබැයි ඔවුන්ගේ අභ්‍යන්තර අර්බුද අවසන් නෑ. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ විශාල අර්බුද සංඛ්‍යාවක් කියන බව සෑම කෙනෙක්ම දන්නවා. අනිත් පැත්තෙන් ශ්‍රිලංකා නිදහස් පක්ෂ කණ්ඩායම 3 ට 4ට බෙදිලා. ඔවුන්ට පාක්ෂිකයන් නැති තත්ත්වයට පත් වෙලා තියනවා. ඒ නිසා මේඑ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපි හදන ආණ්ඩුව දින පිළිබඳව කාරණයක් විතරයි අපි නුදුරේදීම මේ රටේ ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරනවා,” ඔහු සඳහන් කළා.

Ramesh Pathirana