බුදුරුවට සමාන සාරිය 1500ට විකුණලා… පැලද සිටි කාන්තාවක් පොලිස් භාරයට – හැටන් නගරයේ වෙලදසැලත් සොයා ගැනේ

0

හැටන් නගරයේ රාජ්‍යය මුල්‍ය ආයතනයක තාවකාලිකව සේවය කරන කාන්තාවක් බුදුරුව සහිත සාරියක් පැලද සිටිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට අද (08) ලද තොරතුරක් මත හැටන් පොලිසිය විසින්  එම සාරිය  පොලිස් භාරයට ගෙන ඇත.

කොළ පාට සාරියේ බෝඩරය  වටා බුදු සිරස මුද්‍රණය කර තිබු  අතර, එම සාරියෙන් කපාගත් කොටසකින් එම කාන්තාව හැට්ටයක්ද මසා පැලද සිටි බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

විශ්ව විද්‍යාල  ප්‍රවේශ ලබා සිටින එම කාන්තාව විශ්ව විද්‍යාලයට ඇතුලත් වන තෙක් තාවකාලිකව එම රාජ්‍යය මුල්‍ය ආයතනයේ  සේවය කරන අතර, ඇය විසින් හැටන් නගරයේ රෙදි පිල අලෙවි කරන වෙලදසැලකින් ඊයේ(07) පස්වරුවේ මෙම සාරිය රුපියල් 1500 කට මිල දි ගෙන ඇති බවයි පොලිසිය විසින් සිදු  කරන ලද මුලික පරික්ෂණ වලදි තොරතුරු අනාවරණයවි ඇත්තේ.

එම රෙදි පිලි වෙලදසැලද පොලිසිය විසින් පරික්ෂා කල අතර එහිදි මෙවැනි මුදුණ සහිත වෙනත් සාරි තොග අලෙවි කිරිමට නොතිබුණු අතර, මෙම සාරි ඉන්දියාවෙන් ආනයනය කල බවයි එම වෙලදසැල් හිමියා පොලිසිය හමුවේ කියා සිටියේ.

මෙම සිද්ධීය සම්බන්ධයෙන් එම කාන්තාවගෙන්ද වෙලදසැල් හිමියාගෙන්ද පොලිසිය විසින් ප්‍රකාශ ලබාගෙන බුදුරුවට සමාන මුද්‍රණය කර තිබු සාරිය පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර නිතිපති උපදෙස් අනුව ඉදිරි නිතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි හැටන් පොලිසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

හැටන් රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here