සමෘද්ධිමත්ට අත තිබ්බොත් බලෙන්ම අගමැති ගෙදර යවනවා…..!

0

යම්හෙයකින් අගමැතිවරයා සමෘද්ධි බැංකුවට අත තැබීමට ක්‍රියා කළහොත් ලක්ෂ 15ක ජනතාව එක්ක ඒකාබද්ධ විපක්ෂය සමඟ පාරට බැස එම ව්‍යාමය අසාර්ථක කිරීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා සිටියා.

ඊයේ (08) පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසුව නිදහස් පක්sහ සාමාජිකයන් වීසින් සංවිධානයක් අර තිබු පිළිගැනීමේ උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

“සමෘද්ධි බැංකු ටිකට තියන රුපියල් මිලියන 140ටත් කෙලින්න තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අත තියන්න හදන්නේ. අපි කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයෝ පූළුවන් නම් සමෘද්ධි බැංකු වලට අත තියලා පෙන්නන්න.ලක්ෂ 15 එක්ක මේ රටේ ජනතාව අරලියගහ මන්දිරය වටලනවා වටලලා ගෙදර යවනවා කියලා කියන්න කැමතියි. අපේ ඒකාබද්ධ විපක්sහයේ සහෝදරවරු, අපේ පොහොට්ටුවේ සහෝදරවරු එක්ක මේ ඔක්කොම අපි එකතු කර ගන්නවා.” මන්ත්‍රිවරයා සඳහන් කළා.
Dayasiri Jayasekara

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here