වෙහෙර ගිලපු එකාට අග්ගලෙත් කජ්ජක් ද….?

0

ආණ්ඩුව පවත්වාගෙන යාමට මුදල් නොමැති බැවින් ආණ්ඩුව දුප්පතාගේ සම්මාදම් මුදල වන සමෘද්ධියට අත තැබීමට සූදානම් වන බව සමස්ථ ලංකා සමෘද්ධි බැංකු සහ කේෂ්ත්‍ර නිලධාරින්ගේ සංගමය සඳහන් කරනවා.

අද (09) පැවති මාධ්‍ය සාකච්ඡාවකදි අදහස් දක්වමින් එම සංගමයේ ප්‍රධාන සභාපති අබේසිංහ පවසා සිටියේ අගමැතිවරයා සමෘද්ධි බැංකුව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය වහාම ඉල්ලා අස් කළ යුතුය.

“අපි අහන්න කැමතියි වෙහෙර ගිලපු එකාට අග්ගලෙත් කජ්ජක් ද කියලා? මේ හොරිකඩ ආණ්ඩුව තව දුරටත් පවත්වාගෙන යන්න බැරි නිසා අසරණ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලටත් කෙලින්න හදනවා. මේ ආණ්ඩුව යන්නේ හිඟමනේ මේ ආණ්ඩුව හිඟා කන එක කරන්නේ. ඒනිසා මේ ආණ්ඩුව පවත්වා ගෙන යන්න දුප්පත් මිනිහගේ පිංකැටේට එහෙම නැත්නම් සම්මාදම් අරමුදලට ගහන්න හදන්නේ කියලා පැහැදිළිවම කියනවා. සමෘද්ධි නිලධාරින් විදියට අපිත්, ප්‍රතිලාභින් විදියට ලක්ෂ 38 වෙන ජනතාවත් නොනවතින අරගලයක් කරනවා. අපේ කර මතින් අපේ මිනි මතින් තමයි වික්‍රමසිංහ මහත්තයාට ඕක් මහ බැංකුවට ගන්න වෙන්නේ. අපි ගන්න දෙන්නේ නෑ පැහැදිළිවම. මරාගෙන මැරෙන සටනක් අපි දියත් කරන්න ලෑස්තියි. අගමැතිවරයා මේ ප්‍රකාශය ඉල්ලා අස් කර ගත යුතුයි. අපේ මෛත්‍රිපාල ජනාධිපතිවරයා මේ ශ්‍රි ලංකා එකේ ජනාධිපතිවරයෙක් ලෙස මේක රජයට පවරා ගන්න ඉඩ දෙනවාද නැද්ද කියලා,” ඔහු සඳහන් කළා.