සයිටම් සටනේ තවත් ජයග්‍රහණයක් – මිලියන 100ක් වන්දි ඉල්ලා දැමු නඩුව සයිටම් බලධාරීන් ඉල්ලා අස්කර ගනියි!

8

සයිටම් ආයතනය උපාධිකඩය ලෙස හඳුන්වා අපහාස කළැයි සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රු.මිලියන 100ක වන්දි ඉල්ලා පැවරූ නඩුව සයිටම් බලධාරීන් ඉල්ලා අස්කර ගැනීම සයිටම් විරෝධී සටනේ තවත් ජයග්‍රහණයක් බව එම සංගමය පවසනවා.

මාධ්‍ය නිවේදනයක්න් ඉකුත් කරමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් පවසා සිටියේ තවදුරටත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ගෙන යාන් අරගලයේ ඉදිරි පෙළ නියමුවෙක් ලෙස කටයුතු කිරීමට සූදානම් බවයි.

එම නිවේදනය පහතින්,

සයිටම් ආයතනය උපාධිකඩය ලෙස හඳුන්වා අපහාස කළැයි සංගමයෙන් රු.මිලියන 100ක වන්දි ඉල්ලා පැවරූ නඩුව සයිටම් බලධාරීන් ඉල්ලා අස්කර ගනියි.සයිටම් ආයතනය උපාධිකඩය ලෙස හඳුන්වා අපහාස කළැයි සංගමයෙන් රු.මිලියන 100ක වන්දි ඉල්ලා පැවරූ නඩුව සයිටම් බලධාරීන් ඉල්ලා අස්කර ගනියි.

නඩුව ඉල්ලා අස්කර ගැනීම සයිටම් විරෝධී සටනේ තවත් ජයග‍්‍රහණයක් !

සයිටම් ආයතනය උපාධිකඩයක් ලෙස හඳුන්වා අපහාස කළ බවට චෝදනා කරමින් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලා සයිටම් බලධාරීන් විසින් 2016 වර්ෂයේ දී කොළඹ දිසා අධිකරණයේ දී නඩු පවරන ලදි. නඩු අංක DMR/938/2015 යටතේ මෙම නඩුව අද දින විභාගයට ගැනීමට නියමිතව තිබුණි. එහෙත් අද දින උසාවියේ පෙනී සිටි සයිටම් පාර්ශවයේ නීතිඥවරුන් නඩුව ඉල්ලා අස්කරගන්නා බව උසාවියට දැනුම් දීමත් සමග එම නඩුව අවසන් විය. සංගමය වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල මහතා පෙනී සිටියේය.  සයිටම් ආයතනය මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් පෙනී යන්නේ ඔවුන් ජනතාව රවටමින් ගෙනගියේ උපාධි විකිණීමේ ජාවාරමක් බව පිලිගෙන පරාජය බාරගෙන ඇති බවයි. එසේම මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීම, අප 2008 වර්ෂයේ සිට සයිටම් උපාධි ආයතනයට එරෙහිව ගෙන ගිය අරගලයේ සාධාරණත්වය පිළිබිඹු වන අතර එය සයිටම් විරෝධී සටනේ දී අප ලැබූ තවත් ජයග‍්‍රහණයකි.

සයිටම් ආයතනයෙන් ආරම්භ වී අප රටේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල 06ක් පමණ ආරම්භ කිරීමේ එවකට පැවති ආණ්ඩුවේ සැලසුම් ව්‍යවර්ථ කර දැමීමට හැකිවීම අප ලද විශාල ජයග‍්‍රහණයකි. සයිටම් ගැටලූවට අවසන් විසඳුමක් ලබා නොදී තවදුරටත් ආණ්ඩුව කල්මරමින් සිටීම අප තරයේ හෙලා දකිමු. ඉදිරියේදීත් අප රටේ නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍ය සේවයත් දිනාගැනීම වෙනුවෙන් ගෙනයනු ලබන අරගලයේ ඉදිරිපෙළ සටන්කරුවෙකු වශයෙන් කටයුතු කිරීමට අප සංගමය සූදානම් බවද ප‍්‍රකාශකර සිටිමු.

ස්තූතියි.
මෙයට,වෛද්‍ය ජයන්ත බණ්ඩාර ප‍්‍රධාන ලේකම්

8 COMMENTS

  1. Thank you for some other great article. The place

    else may just anyone get that type of information in such an ideal

    means of writing? I have a presentation next week, and I am on the search

    for such information.

  2. Thanks for another informative blog. Where else may just I get that

    kind of info written in such a perfect manner?

    I have a project that I’m just now working on, and I’ve been on the glance out for such info.

  3. Definitely believe that that you said. Your favorite justification appeared to be on the internet the simplest thing to take into account of.

    I say to you, I certainly get irked while folks consider worries that they just don’t recognize about.

    You managed to hit the nail upon the highest and also

    defined out the entire thing with no need side-effects ,

    people can take a signal. Will probably be back to get more.

    Thank you

  4. Greate pieces. Keep posting such kind of information on your site.

    Im really impressed by it.

    Hello there, You’ve done an incredible job. I’ll definitely digg it

    and in my view suggest to my friends. I am confident they’ll be benefited from this website.

  5. I’m not positive where you are getting your info, but good topic.

    I must spend a while finding out much more or figuring out more.

    Thank you for great info I used to be in search of this

    information for my mission.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here