කාලිංග මාඝ යුගයයි රනිල් – සිරිසේන යුගයයි අතර කිසිම වෙනසක් නෑ….- පුරාවස්තු විනාශයට එරෙහි නීතිය කෝ!

0

වසර දහස් ගණනක් උතුරු නැගෙන හිර සහ රටේ අනෙකුත් ප්‍රදේශවල නිරුපද්‍රිතව  පැවැති වටිනා බෞද්ධ උරුමයන්  පසුගිය වසර තුනේ මහ පරිමාණයෙන් ඉතාම සැලසුම් සහගතව විවිධ බොරු හේතු දක්වමින් විනාශ කරමින් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳහන් කරනවා.

ඊයේ (09) එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“අපි දැක්කා පසුගිය සතියේ රටම ආන්දෝලනාත්මක තත්වයකට ඇද දමමින්, වසර දහස් ගනනක් නිරුපද්ධිතව පැවතුණු  විජිතපුර පරිවාර බලකොටුවක් වුණු , නිවාස සංවර්ධන අධිකාරියෙන් බුල්ඩෝසර් කරලා විනාශ කරනවා.  ඊට අවසරය ලබා දීලා තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම් බව නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරීන් කියනවා.”

” වසර දහස් ගණනක් උතුරු නැගෙන හිර සහ රටේ අනෙකුත් ප්‍රදේශවල නිරුපද්‍රිතව  පැවැති වටිනා බෞද්ධ උරුමයන්  පසුගිය වසර තුනේ මහ පරිමාණයෙන් ඉතාම සැලසුම් සහගතව විවිධ බොරු හේතු දක්වමින් විනාශ කරමින් පවතිනවා. මේ විනාශ කරන්නේ අපේ උරුමය විතරක් නොවෙයි. අපේ ඉතිහාසයේ කතන්දරයේ ජීව මාන සාක්ෂියි.  අපි කවුදැයි අපට අමතක කරවීමට ජාත්‍යන්තර ප්‍රජාව එන් ජී ඕ හරහා උත්සහ දරද්දී අපේ ඉතිහාසය අපට නිහඩව උගන්වමින් සිටින පිරිස තමයි පුරා වස්තු කියන්නේ.”

” මේ පුරාවස්තු විනාශය දෙස බලද්දී කාලිංග මාඝ යුගයයි රනිල් – සිරිසේන යුගයයි අතර කිසිම වෙනසක් නෑ කියලා අපට කියන්න පුළුවන්. පුරාවිද්‍යා ආඥා පනත හරිම බලගතුයි. මේ නීතිය යටතේ අත් අඩංගුවට ගත් අයෙකුට ඇප ලබා ගන්න පුළුවන් ඉහළ උසාවියෙන් පමණයි.  එහෙම තිබියදිත් බලධාරීන් නීතිය ක්‍රියාත්මක නොකර ඉන්නේ ඇයි  කියන ප්‍රශ්නය අපට තියෙනවා. මේ පුරාවස්තු විනාශයට නීතිය ක්‍රියාත්මක නොකර නිහඩව ඉන්න ආණ්ඩුව උත්සහ කලොත් මහ සඟරුවන පාරට බැහැලා රට තුල වෙනත් කලබල නොසන්සුන් තා ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා  තරාතිරම නොබලා වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න කියලා අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා.”

“මේ දිනවල ආණ්ඩුවට තියෙන ලොකුම භය තමයි ගෝඨාභය. ගෝඨාභය මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනොත් අනේ අපි සුනේ සුන් කියලා හිතලා එතුමව හිර කරන්න පසුගිය අවුරුදු තුන පුරාවටම විවිධ ආකාරයේ නඩු ගොඩ නැගුවා. හැබැයි මේ සුරංගනා කතා පමණක්මය කියන එක ඉහල උසාවියෙන් තීරණය කරලා ඒ සෑම අවස්ථාවකදීම එතුමන්ව අත්අඩංගුවට ගැනීම උසාවි නියෝග හරහා තහනම් කලා. දැන් මොකක්ද කරන්න යන්නේ.”

“අපට හමුදාවෙන් තොරතුරු ලැබුනා හමුදා බුද්ධි අංශ ප්‍රධානියා එක්නැලිගොඩ අතුරුදහන් කිරීම පිලිබඳ චෝදනා කරලා අත් අඩංගුවට ගත්ත හමුදා භටයන්ව ගෙන්වලා ඔවුන්ට බලපෑම් කරන්න සූදානමක් තිබෙනවා කියලා.  ඒ සදහා අවශ්‍ය දේශපාලන උපදෙස් ඉහලින් ලැබී තිබෙනවා.”

“ඒ අනුව හමුදා බුද්ධි අංශ ප්‍රධානියා එක්නැලිගොඩ අතුරුදහන් කිරීම පිළිබඳ අත් අඩංගුවට ගත්ත හමුදා භටයන්ය තමන් ලගට ගෙන්වලා, තමන් මේ වරද කල බවත් ඒ කලේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ බලපෑම් මත බවත් පොලීසියට ප්‍රකාශකරන්න යැයි ඔවුන්ට බලපෑම් කරන මෙන් ඉහලින් ඔහුට උපදෙස් ලැබී තිබෙන බවට හමුදාවේ ඉහලම නිළධාරීන් මාර්ගයෙන් අපට දැන ගන්න ලැබුනා.”

“මේ කතාව ඇත්තනම් අපි බුද්ධි අංශ ප්‍රධානියාට අනතුරු අගවනවා. සාක්ෂිකරුවන් සහ වින්දිතයන් සුරැකීමේ පනත යටතේ සාක්ෂියක් වෙනස් කරන මෙන් සාක්ෂියක් ප්‍රකාශ කරන මෙන් බලපෑම් කිරීම සිරදඩුවම් ලැබිය හැකි වරදක් කියන එක අපි හුමදා බුද්ධි අංශ ප්‍රධානීයා ඇතුලු දේශපාලනයට යට වෙන්න හදන හමුදාවේ ඉහල නිළධාරීන්ට සිහිපත් කරනවා. ඒ වගේම දේශපාලකයන්ට කඩේ ගිහින් හමුදාවේ ගෞරවය රණ විරුවාගේ අභිමාණයත් කෙලසන්න එපා කියලා අපි හමුදාවේ ඉහල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.”

Udaya Gammanpila