මම වරදක් කළා නම් මට හෙන ගහවි….!

0

අනුරාධපුර විජිතපුර බැලුම්ගල පුරාවිද්‍යා ස්ථානය ඩෝසර් කරනු ලැබුවේ නිධන් හෑරිමට බවට සිදු කරන චෝදනා ප්‍රතිකේෂ්ප කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

ඊයේ (08) පැවති කැබිනට් සාකච්ඡාවෙන් පසුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

“මගේ පියාණන් මේ රටේ බුද්ධසාසන අමාත්‍යාංශයක් ස්ථාපනය කරපු පුද්ගලයා. මම නිධන් හෑරීම වැනි කටයුත්තක යෙදිලා ඉන්නවා නම් මගේ මේ ජීවිත කාලය පුරා, මේ වාහනයේ නැගලා මට තව අඩියක් ඉස්සරහට යන්න හොඳ නෑ මම මැරිලා වැටෙන්නට ඕන. මම ඉල්ලීමක් කරලා තියනවා, මම වරදක් කරලා තියනවා නම් මට හෙන ගහවි. ඒ වගේම බොරු කට කතා කරන අයටත් දෙවියන් වහන්සේලාම බලාගනීවි.” අමාත්‍යවරයා පවසා සිටියා.

මේ අතර භික්ෂූන් වහන්සේලා, ඌව පළාත් සභාමන්ත්‍රි සමන්ත විද්‍යාරත්න, හිටපු මන්ත්‍රි මර්වින් සිල්වා වැනි පිරිස් චෝදනා කළේ මෙම පුරා වස්තු ඩෝසර් කිරීම පිටුපස නිධන් හැරීම අවශ්‍යතාව කර ගත් රජයේ අමාත්‍යවරයෙක් සිටින බවයි.

Sajith Premadasa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here