2020 ජනාධිපති වෙන්න එකම සුදුස්සා මෛත්‍රිපාල සිරිසේනයි…ඒකාබද්ධයේ නායකයෝ අවතැන් වෙලා…!

0

රටේ ජනතාවගේ සිතුවිලි විවිධ බලවේග මගින් අයාලේ යැවීම නිසා රට ජනතාව ආණ්ඩුව අස්ථාවර බවට විශ්වාස කළත් සැබැවින්ම ආණ්ඩුව තුළ අස්ථාවර බවක් නොමැති බව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක පවසනවා.

අද (10) එම අමාත්‍යාංශයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එම අවස්ථාවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද සහභාගි වී සිටියා.

එහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මේ රටේ ජනතාවගේ සිතුවිලි සම්පූර්ණයෙන්ම නොමඟ යැව්වාට පස්සේ එක එක බලවේග විසින් ජනතාවර එහෙම හිතෙන එක සාධාරණයි. අද කොහෙද පිපිරිම් නැත්තේ? ඒකාබද්ධ විපක්ෂය සම්පූර්ණයෙන්ම අවතැන් වෙලා තියෙන්නේ. ඒකේ නායකයෝ සියල්ලෝම අවතැන් වෙලා ඉන්නේ. උඩින් ඔපේ යටේ හපේ න්‍යාය තමයි ඒකාබද්ධයේ තියෙන්නේ. උඩින් පෙන්නනවා අපි ෆිට් එකේ ඉන්නවා කියලා. ඇතුලෙන් සම්පූර්ණයෙන් ම හෝදලා ගිහින් තියෙන්නේ.”

ජනාධිපතිතුමා කිව්වා 2020 විශ්‍රාම ගන්නේ නෑ..මොන වගේ විශ්‍රාම ගැනීමක් ද කියලා කිව්වේ නෑ?

“ඔබ බලන්නකො මේ රටේ මොන පිට්ටනියේද සුදුස්සෙක් ඉන්නේ කියලා. මේ දේශපාලන පිට්ටනියේ අවම වශයෙන් හරි සමහර අය විවේචනය කරනවා අවම වශයෙන් යම් සුදුසුකමක් තියන පුද්ගලයෙකුට ඉන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා විතරයි. ඒනිසා එතුමා අනිවාර්යයෙන්ම 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here