අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට….!

0

අද (10 මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදි ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“ඉන්ධන මිල සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේදි නැවත කැබිනට් මණ්ඩලය විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදි අපි බැලුවේ අපි බලයට පත් වෙනකොට තිබ්බ ඉන්ධන මිලයි දැන් තියන ඉන්ධන මිලයි. පහුගිය කාලයේ මිල ඉහළ යාම නිසා අපිට වෙච්ච පාඩුව. මේ පිළිබඳව සලකා බලලා තමයි අපි අලුත් ඉල ගැන තීරණයකට ආවේ. මෙතන මිල සූත්‍රයක් නෑ. ඒ අනුව ඔක්ටේන් 92 137 කරනවා. එතකොට රුපියල් 20කින් මිල වැඩි වෙනවා. එතකොට ඔක්ටේන් 95 තිබ්බේ රුපියල් 128 තිබ්බේ දැන් 148 කළා රුපියල් 20කින් වැඩි කළා. ඔච්චරයි කළේ. එතකොට ඔටෝ ඩීසල් එක තිබ්බේ රුපියල් 95 කට ඒක අපි 109 කළා. සුපිරි ඩීසල් එක තිබ්බේ රුපියල් 110කට ඒකත් අපි රුපියල් 9කින් වැඩි කරලා දැන් 109 කරලා තියනවා. අපි භූමිතෙල් තමයි ටිකක් වැඩි කළේ මොකද භූමිතෙල් වල ප්‍රශ්නයක් තියනවා. මොකද අද බොහෝ රියැදුරන් අලුත් ඩීසල් රථ වලට භූමිතෙල් ගහනවා. ඒනිසා ඉතිහාසයේ කවදාවත් නැති විදියට භුමිතෙල් පාවිච්චිය 48%කින් වැඩි වෙලා තියනවා. ඒනිසා රුපියල් 44 තිබිච්ච භූමිතෙල් අපි 101 කට ගෙනාවා. එතකොට අර අවභාවිතය වෙන එකක් නෑ කියලා අපි හිතුවා. එතකොට 57 කින් වැඩි වුණාට සමෘද්ධි ලාභින්ට අර පැරණි ගාණමයි. ධීවරයින්ටත් පරණ ගානමයි. ඒ ගොල්ලෝ ඒක පාවිච්චි කරන්නේ ඒ ගොල්ලොනගේ අවශ්‍යතාව සඳහා. අනික් අයට තමයි මේ 101 තියෙන්නේ.” ඇමතිවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here