රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂාව 2020ත් පොදු අපේක්ෂකයෙක්?

0

2020දීත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂාව වන්නේ පොදු අපේක්ෂකයෙක් බව සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පවසා සිටියා.

අද (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි කියලා අපි හිතුවා, නමුත් මඩකළපුවේදි ජනාධිපතිතුමා කිව්වා 2020 න් එහාට යන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මේ දෙක ගැලපෙන්නේ නෑ නේද?

“ගැලපෙන්නේ නෑ ප්‍රශ්නයක් නෑ. අගමැතිතුමා කිව්වාද එතුමාගේ කතාවේ කවුද අපේක්ෂකයා කියලා. අගමැතිතුමා ඊට පස්සේ මාත් එක්ක සාකච්ඡා කළා, එතුමා සාකච්ඡා කළේ පොදු අපේක්ෂකයෙක් ගැන. අගමැතිතුමා මේ වගේ කටු අස්සේ නැහැ. මොනවා වුනත් එතුමාට දේශපාලනය හොදට තේරෙනවා.”

කොහොමද මේ ගෝඨාභය රාජපක්ෂට දිගින් දිගටම ඇප ලැබෙන්නේ?

“ඒක තමයි අපි අහන්න ඕන. ඒක තමයි ප්‍රශ්නය. ගෝඨාභය රාජපක්ෂව අත්තඩංගුවට ගන්න බෑ ලංකාවේ.”

ඇයි ඇමතිතුමා බැරි?

“ඒක තමයි මමත් දන්නේ නැත්තේ.”

ඊයේ සරත් ෆොන්සේකා මහත්තයා ජනාධිපතිතුමාගෙන් සමාව ගත්තා කියලා…..?

“ඔව් එතුමා ඇවිල්ලා කණගාටුව ප්‍රකාශ කළා. ඒකට සමා වෙන්න කියලා ප්‍රකාශ කළා.”

මොකද්ද ඇමතිතුමා පසුබිම් සිද්ධිය?

“කරපු කතාවනේ. ජනාධිපති කරන්න දාපු එක වැරදියි කියන එක.”