මම ජනාධිපතිගෙන් සමාව ඉල්ලුවේ නෑ….!

1

තමා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරායාගෙන් සමාව ඉල්ලු බවට වන ප්‍රකාශය අසත්‍ය බවත් තමා ජනාධිපතිවරයා හමුවි සමාව නොඉල්ලු බවත් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සර්ත් ෆොන්සේකා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරන්නේ අමාත්‍යවරයා ජනාධිපති හා අගමැතිවරයා සමඟ සාකච්ඡා කළේ අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් පදනම් කර ගනිමින් වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පමණක් බවත් ය.

එහිදි ජනාධිපතිවරයා පවසා ඇත්තේ අමාත්‍යාංශය සම්බන්ධයෙන් තමා හා අමාත්‍යවරයා අතරේ වන සාකච්ඡා වලදි එළඹෙන තීරණ මාධ්‍ය සාකච්ඡා හා පොදු රැස්වීම් වලදි ඉදිරිපත් කළ හැකි බවයි. එසේම අමාත්‍යවරයා කිසි විටක ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා නොසිටි බවත් එම නිවේදනය පැහැදිළිව සඳහන් කොට තිබෙනවා.

පසුගියදා එක්සත් ජාතික පෙරමුණේ මැයි දිනයට එක්වෙමින් සරත් ෆොන්සේකා ජනාධිපතිවරයා විවේචනය කරමින් සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලු බවට ඇතැම් ආණ්ඩුවට සම්බන්ධ වෙබ් අඩවි හරහා ප්‍රචාරය කල අතර පසුව ඊයේ (10) පැවැති කැබිනට් රැස්විමට එක්වෙමින් මාධ්‍යවේදීන් කල ප්‍රශ්න කිරිම හමුවේ.. කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න සදහන් කළේ….

ඊයේ සරත් ෆොන්සේකා මහත්තයා ජනාධිපතිතුමාගෙන් සමාව ගත්තා කියලා…..?

“ඔව් එතුමා ඇවිල්ලා කණගාටුව ප්‍රකාශ කළා. ඒකට සමා වෙන්න කියලා ප්‍රකාශ කළා.”

2015 ජනාධිපති කළේ වැරදි මිනිහෙක්…..!

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here