ඉන්ධන මිල මාස දෙකට වරක් වෙනස් වීමෙන් රජයට බිලියන 56ක වාසියක්!

0

මාස දෙකකට වරක් තෙල් මිල වෙනස් වන බවත් එය තෙල් මිලේ වැඩි වීමක් හෝ අඩු වීමක් බවට පත් විය හැකි බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළා.

ඊයේ (10) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ මිල සූත්‍රයකට අනුව මෙලෙස තෙල් මිල උච්චාවචනය විය හැකි බවයි.

“ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඛණිජ තෙල් සඳහා වන මිල යාන්ත්‍රණය කැබිනට් මණ්ඩලය අනුමත කළා. මෙම මිල යාන්ත්‍රණය යටතේ මාස දෙකෙන් දෙකට ඛනිජ තෙල් මිල වෙනස් වෙනවා. විශේෂයෙන්ම සිංගප්පූරු මිල දර්ශකය අනුව තමයි මේ ගණනය සිදු වෙන්නේ. ඒ අනුව වරින් වර මිල වැඩි වෙනවා වගේම මිල අඩු වෙන්නත් හැකියාව තියනවා. මේ කටයුතු කිරීම මගින් රජයට බිලියන 55.89ක් මහ භාණ්ඩාගාරයට ඉතුරු කර ගන්න පුළුවන්. ඇත්තටම මේක ඉතුරු කර ගැනීමක් නෙමෙයි. ඒ අනවශ්‍ය සහනාධාර සඳහා වෙන් කළ ඒ බිලයන 55.89 අපි මේ රටේ කඩිනම් ග්‍රාමීය සංවර්ධනයක් සඳහා යොදවනවා. මෙම වැඩ පිළිවෙළ තමයි ගම් පෙරලිය. ගම් පෙරලිය කඩිනම් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය අපි අගෝස්තු මාසයේදි හදුන්වා දෙනවා,”මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.

Mangala Samaraweera

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here