අපෙන් පළිගත්තාට කමක් නෑ….දුප්පතාගෙන් පළිගන්න එපා!

0

පළිගැනීමට අවශ්‍ය නම් තමා ඇතුළු පිරිසගෙන් පලි ගත්තාට කමක් නැති බවත් දුප්පත් ජනතාවගෙන් පලිගැනීමට කටයුතු නොකරන ලෙසත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයට පවසනවා.

ඊයේ (10) මාධ්‍යවේදීන් විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටි ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

සමෘද්ධියත් අලුත් ක්‍රමයකට දෙන්න යනවා නේද?

“කපලා දැමීමට තමයි මේ ලෑස්තිය විශේෂ ක්‍රමයකින් අඩු කරනවා කියන්නේ ඒකට. ඒවගේම ඉතාම පැහැදිළිව කියන්න ඕන මේ රටේ ඉන්න දුප්පත්ම දුප්පත් ජනතාවටත් පහර වදින විදියට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මේ සියල්ලම වැඩි කරනවා. මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම කරන්නේ දුප්පතාගෙන් පලි ගන්න එක. අපෙන් පලි ගත්තාට කමක් නෑ. මේ දුප්පතුන්ගෙනුත් පලි ගන්න එක. මේ දුප්පතුන්ගෙනුත් කරන්නේ ඒක තමයි.”

පුරාවිද්‍යා ස්ථානයක් බැකෝ කරපු එක ගැන ඔබතුමා මොකද හිතන්නේ?

“මොන චෝදනා ආවත් ඒ අයට දඩුවම් දෙන්නේ නෑනේ. මේවාගේ නියෝගය එන්න ඇත්තේ ඉහළින්නේ. මේ ඉහළින් ආවද කියලා සොයන්න ඕන. සාමාන්‍යයෙන් ලිඳක් කපන්නවත් බෑ. හාමුදුරුකෙනෙක් බුදු පිළිමයක් තිබ්බා කියලා ඒකටත් නඩු දාන යුගයක් මේක, පුරාවිද්‍යා කොමසාරිස්ගෙන් අවසරයක් නැතුව. ඉතින් ඒ තත්ත්වය තමයි තිබුණේ මම දන්නේ නෑ දැන් මොනවා කරන්න යනවාද කියලා.”

සජිත් ප්‍රේමදාස මහත්තයාට චෝදනාවෙන් නිදහස් වෙන්න පුළුවන් වෙයිද?

“ඒක එතුමාගෙන් අහන්නකෝ.”

Mahinda Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here