විශේෂ අධිකරණය නෑ කියලා හොරු අල්ලන්න බැරි නෑ….වැඩ බැරිකම වහන්න සිල්ලර වැඩ එපා!

0

විශේෂ අධිකරණ නොමැති වීම සොරුන්ට දඬුවම් ලබා දිම නොහැකි හේතුවක් ලෙස තම පක්ෂය පිළි නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පවසනවා.

ඊයේ (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පවසා සිටියේ ආණ්ඩුව තම අපොහොසත් වීම වසා ගැනීමට මෙවැනි හේතු නිර්මාණය කිරීමට උත්සහ දරා ඇති බවයි.

“දේශපාලන වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් විශේෂ අධිකරණය පිහිටවීම ගැන අපේ එකඟතාවය තියනවා. ආණ්ඩුව උත්සහ කරනවා මේ විශේෂ අධිකරණ නොතිබිච්ච නිසා තමයි මේ වර්තමාන ආණ්ඩුවෙත් පසුගිය ආණ්ඩුවෙත් මහා පරිමාණ දූෂණ වලට සම්බන්ධ දේශපාලඥයින් සහ රජයේ නිලධාරින්ට දඩුවම් දෙන්න බැරි වුණේ කියලා මතයක් ගොඩ නගන්න හදනවා. මෙතෙක් මෙම හොරු අල්ලන්න බැරි උණේ අලුතින් අධිකරණය නොමැති නිසාය කියන වැරදි මතය සමාජ ගත කරන්න හවුල් වෙන්න බෑ. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් අපි මේ දෙයට විරෝධය පළ කිරීමක් වශයෙන් මේ බොරුවට හවුල් වෙන්න අවශ්‍යතාවයක් නොමැති නිසා තමයි ඡන්දය දීමෙන් වැළකි සිටියේ.” මන්ත්‍රිවරයා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here