කොරේ පිටට මරේ කියලා බස් ගාස්තුත් වැඩිවන ලකුණු….!

0

ඉන්ධන මිල වැඩි වීමට සාපේක්ෂව බස් ගාස්තුද 10%කින් වැඩි වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (11) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු සඳහන් කළේ ලබන සතිය තුළදී මෙම ගාස්තු ඉහළ යාම සිදු විය යුතු බවයි.

ඒ අනුව දැනට පවතින අවම ගාස්තුව වන රුපියල් 10 සංශෝධන බස් රථ ගාස්තුවෙන් අනතුරුව රුපියල් 11 වන බව ද සභාපතිවරයා පෙන්වා දුන්නා.

වසරකට වරක් ජුනි මාසයේ 1 වන දා සිදු කිරීමට තිබෙන බස් ගාස්තු සංශෝධනයට මෙය ඇතුළත් කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියා.

එළඹෙන සඳුදා දිනයේ දී මෙම ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික ගමනා ගමන මණ්ඩලය හා ප්‍රවාහන අමාත්‍යවරයා දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසූ සභාපතිවරයා  රජය මේ පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යෑමට පසුබට නොවන බවත් සඳහන් කර සිටියා.