ක‍්‍රිස්බ්‍රෝ වාර්ෂික සම්මාන රාත‍්‍රියේදී දක්‍ෂ සේවකයන්ට ඉහලින් හරසර

0

වසර46 ක කාලයක් ජාතියේ පෝෂණ අවශ්‍යතාව සපුරාලීමට කැපවු මෙරට ප‍්‍රමුඛ සමූහ ව්‍යාපාරයක් වන ක‍්‍රිස්බ්‍රෝ සමාගමේ සේවක සේවිකාවන්ගේ වාර්ෂික සම්මාන රාත‍්‍රිය පසුගියදා ඉතාඋත්කර්ෂවත් ලෙස පොල්ගොල්ල මහින්ද රාජපක්‍ෂ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විය.

මෙම අවස්ථාවට ක‍්‍රිස්බ්‍රෝ සමුහයට අයත් සමාගම් හයේ දිවයින පුරා පිහිටි ව්‍යාපාරස්ථාන 17ක 1100 කට අධික සේවක මණ්ඩලය සහභාගි විය. ඒ අතරට අධ්‍යක්‍ෂ මණඩලය හා ඔවුන්ගේ පවුලේ සමාජිකයන්, ජේෂ්ඨ කළමණාකාරීත්වය සහ උපදේශක කණ්ඩායම් අයත් විය.

2017 වර්ෂය තුලදී ඉහල දක්‍ෂතාවක් දැක් වූසේවකසේවිකාවන් 31දෙනෙකු මෙහිදීසම්මානයට පාත‍්‍ර විය. එම පිරිස අතර කණිෂ්ඨ සේවක සේවිකාවන් 16 දෙනෙකුටද මුදල් ත්‍යාග හා සම්මාන හිමිවූ අතර ඔවුන්ට සිය පවුලේ සාමාජිකයන් සමඟ විනෝද චාරිකාවක්  සදහා අනුග‍්‍රහය හිමිවිය.සම්මානයට පාත‍්‍ර වු විධායක ශ්‍රේණියේ නිළධාරීන් 12 දෙනාට මුදල් ත්‍යාග සමග තරු පන්තියේ හෝටලයක රාත‍්‍රියක් සිය පවුල සමඟ ගතකිරීමට අනුග‍්‍රහය ලැබිණි. ජේෂ්ඨ කළමණාකරුවන් තිදෙනෙකු සම්මානයට පාත‍්‍ර වු අතර ඔවුනට සිය පවුල සමග විදේශීය සංචාරයකට සහභාගිවීමට සමාගම විසින් අනුග‍්‍රහය ලබාදෙන ලදී.

වසර 5 සිටවසර 25 දක්වා සේවා කාලයක් සම්පූර්ණ කල සේවක මහත්මමහත්මීන් අගයමින් සම්මාන පිරිනැමු අතර 2018 සහ 19 වසර සදහා නව නිවාස 5 ක් සහනිවාස අලූත් වැඩියාකිරීම් 20 ක් සිදුකිරීමද මෙහිදී නිල වශයෙන්  ප්‍රකාශයට පත් කෙරුණි.

උත්සවයේදී  aදහස් දැක් වූ ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ සභාපති හා කළමණාකාර අධ්‍යක්‍ෂ මොහොමඞ් ඉම්තියාස්, ක‍්‍රිස්බ්‍රෝ සන්නාමය යටතේ පැමිණි සාර්ථක ගමන්මග පිළිබදව පැහැදිලි කළ අතර සමාගමට ලැදිව සහ කැපවීමෙන් සේවය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ඒ අනුව සියලූ දෙනාගේ කැපවීම,අවංකභාවය, සහ නිර්මාණශීලිත්වය මගින් ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්විය හැකිබව ඉම්තියාස් තවදුරටත් කියා සිටියේය. ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරය මේ දක්වා ලබාගත් ජයග‍්‍රහණ වෙනුවෙන් කැපවූසියලූ සේවක මහත්මමහත්මීන්ට ද ඔහු ඉය ස්තුතිය පල කළා.

මේ වසරේ සිට හදුන්වා දුන් නව සම්මාන වන,හරිත සත්කාර පරිසර සම්මානය,හා,වඩාත් දියුණු වූ ව්‍යාපාරික ස්ථානය, යන සම්මාන පිළිවෙලින් ගල්ගමුව ගොවිපළට සහ පරගල ගොවිපළට හිමිවිය. මෙම සම්මාන දෙකම ඉදිරි වසරවලදී ද ඒ ඒගොවිපළ දක්වන දක්‍ෂතා හා ජයග‍්‍රහණ මත පිරිනැමීමට නියමිතයි.

සේවක මණ්ඩලයේ දරුවන්ගේ විවිධ කුසලතා ඔප්නැංවීමටමේ වසරේ සිට හදුන්වා දුන්,සිසුදිරිය, නර්තන තරගාවලියේ දී ජයග‍්‍රහණය කළ කණ්ඩායම් වලට සම්මාන රාත‍්‍රියේ සිය දක්‍ෂතා දැක්වීමට අවස්ථාව ලබාදීම විශේෂ සිද්ධියකි. ක‍්‍රිස්බ්‍රෝ සමුහ ව්‍යාපාරයේ මානව සම්පත්හා පරිපාලන කළමණාකරු රංජන මහින්ද සිරි කියා සිටියේ සේවක මණ්ඩලයේ දරුවන්ගේ කුසලතා හදුනා ගනිමින් ඒ සදහා වේදිකාවන් නිර්මාණය කිරීම, ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ බලාපොරොත්තුව වූ බවයි.තවද සේවක සේවිකාවන් පරිසර හිතකාමී ලෙසකට යූූතු කිරීම දිරි ගනවමින් ව්‍යාපාරික කටයුතු සාර්ථක කර ගැනීමට නව සම්මාන දෙක හදුන්වා දුන් බව මහින්ද සිරි පවසා සිටියේය.

1972 වර්ෂයේදී කුකුළු පැටවුන් 100 දෙනෙකුගෙන් ඇරඹි ක‍්‍රිස්බ්‍රෝ එතැන් පටන් වෙළෙඳ පොල ප‍්‍රමුඛයා වීමේ දැක්ම පෙරදැරිව කටයුතු කිරීමඇරඹීය. ප‍්‍රමිතිය, නැවුම්බව සහ නව්‍යකරණය සඳහා ඉහළ වැදගත්තමක් ලබාදෙමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු නිෂ්පාදන ව්‍යාපාරික ආයතනය බවට පත්විය. මව්ගොවිපොළ, අභිජනනගොවිපොළ, බ්‍රොයිලර් ගොවිපොළසහ කුකුළු ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියක් ඇතුළු පුළුල් පරාසයක ක‍්‍රිස්බ්‍රෝහි අතු පතර විහිද පවතී. ‘ගොවිපොළේ සිට ආහාර මේසය දක්වා’ යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ සාර්ථකත්වයෙහි ගමන් මගෙහි සංකල්පය වී තිබේ. ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ සාර්ථකත්වයට බාහිර කුකුළු නිෂ්පාදකයින්, ඉරිඟු වගාකරුවන් මෙන්ම සමස්ත ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ප‍්‍රජාවගෙන්ද ලැබෙනුයේ සුවිසල් සහයෝගයකි.