IMF සතුටු කරන්න තෙල් මිල ඉහළ දැම්මා…, ඉවසුවා ඇති… බදු අඩු කරන්න! – රවීගෙන් ආණ්ඩුවට කනේ පාරක්

0

ආණ්ඩුව විසින් ජනතාව මත පනවා ඇති බදු අඩු කිරීම මගින් ඉන්ධන මිල ඉහල දැමීම වළක්වා ගැනීමට හැකි බවත් රජයේ නිලධාරින් අත්තනෝමතික ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීම නිසා රුපියල අවප්‍රමාණ වූ බවත් හිටපු මුදල් ඇමති රවි කරුණානායක පවසා සිටිනවා.

ඊයේ (11) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ඉටු කරමින් හිටපු මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“නමුත් ඊයේ මට කණගාටුවෙන් පෙනුනේ හිතුමතේ රජයේ නිලධාරින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා ඉටු කරන්න රුපියල පාවෙන්න දීලා ඒ අවප්‍රමාණේ ප්‍රතිවිපාකයෙන් තමයි මේ දේවල් ඇති වුණේ කියලා කියන්න ඕන. මේවා අපි නිශ්ශබ්දව හිටියා ඇති. අපි කියන්න ඕන මෙවැනි බදු ගණනාවක් තියනවා ඒ බදු මිල අඩු කළා නම් මේ මිල අඩු කරන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නෑ.”

IMF එකේ උවමනාව මතද මේ තෙල් මිල වැඩි කළේ?

“එදා තිබුණු අවතාර හොල්මන් තවම මහ බැංකුවේ තියනවා. මුදල් අමාත්‍යාංශයේ යම් කොටස් වල ඒවා තියනවා. බඩ සුද්ධ කරලා වැඩක් නෑ රෝගියා මැරුනොත්. ඒ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඡන්දයකට යන වෙලාවල විතරක් නෙමෙයි ජනතාවට පොරොන්දු වෙලා තියන වෙලාවක හරි ගුණාත්මක දේවල් කරන්න පුළුවන්.”

ඔබතුමා මේ මිල වැඩි කිරීමට සම්පූර්ණයෙන්ම විරුද්ධයි?

“අනිවාර්යයෙන්ම, විරුද්ධ වන්නේ අපිට බදු තොගයක් දාලා තියනවා. ඒ බදු අඩු කළා නම් මේ මිල වැඩි කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ගෑස් එක නිසා තේ කෝප්පේ වැඩි වෙනවා. භූමිතෙල් ඩීසල් නිසා ප්‍රවාහන ගාස්තු වැඩි වෙනවා. මේවා ඇරුණාම මේක මාස දෙකෙන් දෙකට අඩු වෙන්න වැඩි වෙන්න පටන් ගත්තාම කිසි ක්‍රමානුකූල බවක් ඇති වෙන්නේ නෑ.”

බදු බර වැඩි කරන්නේ නැතුව ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කියලා ඔබතුමා විශ්වාස කරනවා  ද?

“අපි එහෙමනම් කොහොමද කළේ. වට්ටපු ආර්ථිකය 2015 ජනවාරි 08 වෙනිදා අපි ආදයම 50%කින් වැඩි කළේ ඇඟට දැනෙන වෙනසක් දැනෙන්නේ නැතුව අපි කටයුතු කළා.”

වර්තමානයේ මේ මහ බැංකුව ගෙනි යන නව ආර්ථික ප්‍රතිපත්තිය ගැන ඔබතුමා කොහොමද හිතන්නේ?

“දැන් බලන්න අපේ විදේශ සංචිත වැඩි කරන්න ණය ගන්නවා. කෝටි 250 කට ණයක්. ණය ගන්නකොට පොලි ප්‍රතිශතය 7%කට ලංවෙනවා. මේ අතිරික්තය රැකගෙන ඉන්නේ 2% විතරයි, ඉතින් ඒකෙන් 5%ක පාඩුවක් ලැබෙනවා. බිලියන 20ක් රටේ සංචිතය පෙන්වන්න පුළුවන් නම් මෙවැනි දේවල් අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් කොතරම් කරන්න පුළුවන්ද? මේවා ගැන කවුද කතා කරන්නේ. ඒ වගේම රුපියල අවප්‍රමාණ වෙන්න ඉඩ දීම. හැම රුපියලකටම කෝටි 4000ක් බිලියන 40ක් මේකේ නැතිවෙනවා. මේක කෙලින්ම අයවැයට බලපානවා.”

Ravi Karunanayake

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here