කැබිනට් ප්‍රකාශක කාටවත් කඩේ යන්න නරකයි…..සරත් ෆොන්සේකා දේශපාලකයින්ට වදින්නේ නෑ!

0

තමා දේශපාලන වශයෙන් කළ කිසිදු ප්‍රකාශයක් ඉල්ලා අස් කර ගැනීමට සූදානම් නොමැති බවත් සිය දේශපාලන ස්ථාවරත්වය වෙනස් නොවන බවත් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඊයේ (11) මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ සරත් ෆොන්සේකා කියන චරිතය වන්දනා කරන්නේ පූජ්‍ය පක්ෂයට හා දෙමාපියන්ට පමණක් බවයි.

“මම ගිහිල්ලා ජනාධිපතිතුමාගෙන් වැදලා සමාව ගත්තා කියලා. මම කරපු දේශපාලන නිවේදන ඒ ප්‍රකාශ මම එකක්වත් ප්‍රතිකේෂ්ප කරන්නේ නෑ. ඒ ස්ථාවරවල මම එදත් හිටියා අදත් ඉන්නවා. අපි සාකච්ඡාවක් තිබ්බා, අගමැතිගේ ඉල්ලීම මත ජනාධිපතිතුමයි අගමැතිතුමායි, මමයි මලික් සමරවික්‍රමයි අගමැතිතුමාගේ කාර්යාලයේ සාකච්ඡාවක් තිබුණා. එතනදි ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අපි හිතවතුන්නේ අපි අතර ප්‍රශ්න තියනවා නම් මාධ්‍යයට කියන්න ඕන නෑ. රැස්විම් වල කියන්න ඕන නෑ කියලා. එතකොට මම ප්‍රකාශ කළා තිබුණු වාතාවරණය අනුව එවැනි දේවල් සිදු වුණා, අපිට ඉදිරියට වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. එච්චරයි වුණේ. විනාඩි තුනක සාකච්ඡාවක් තිබුණේ, නමුත් මේ රටේ ඉන්න දේශපාලන බංකොළොත් අනාථයොයි, එවුන්ගේ ඇගේ එල්ලෙන මැක්කෝ ටිකකුයි එකතුවෙලා, ඒ මැක්කොන්ට ආවඩන මාධ්‍යවේදීන් ටිකතුත් එකතු වෙලා කතාවක් ගොතලා දාලා තියනවා මම ගිහිල්ලා වැදලා සමාව ගත්තා කියලා. සරත් ෆොන්සේකා කියන චරිතය ජීවිතයටම වැඳලා තියෙන්නේ දෙමව්පියන්ටයි, පූජ්‍ය පක්ෂයටයි විතරයි. දේශපාලඥයන්ට මම ජිවිතේට වදින්නේත් නෑ, වැදලත් නෑ. මට ආරංචියි කැබිනට් ප්‍රකාශවරුත් එහෙම ප්‍රකාශ කළා කියලා. මට කියන්න තියෙන්නේ කැබිනට් ප්‍රකාශක තනතුර කියන්නේ වගකීමෙන් කළ යුතු දෙයක්. කාටවත් කඩේ යාමක් නොවිය යුතුයි එය. එම නිසා එවැනි මත එවැනි ප්‍රකාශ අපි ඉතා පිළිකුලෙන් හෙළා දකිනවා.” අමාත්‍යවරයා පවසා සිටියා.

Sarath Fonseka