පුරාවිද්‍යා පාලුවන්ට දඩුවම් නොදුන්නොත් ස්වදේශ කටයුතු ඇමතිට ගෑණු ඇදුම් අන්දනවා!

0

විජිතපුර බලකොටුවට ආසන්නයෙන් පිහිටි මෙම බැලුම්ගල පුරාවිද්‍යා භූමිය ඩෝසර් කර විනාශ කළ පුද්ගලයන්ට වහාම වැඩ තහනමට ලක් කිරීම නොව නීතිය ක්‍රියාත්මක කළයුතු බවත් එය එසේ සිදු නොවන්නේ නම් අමාත්‍ය වජිර අබේගුණවර්ධනට කාන්තා ඇදුම් අන්දවන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසනවා.

හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා බව පවසමින් ඩෝසර් කර දැමු පුරාවිද්‍යා නටබුන් නිරීක්ෂණය කිරීම සඳහා අද (12) දින සහභාගි වෙමිනි.

විෂයභාර අමාත්‍යවරයාට මෙම වගකීමෙන් මිදීමට නොහැකි බව  පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට තමන් යෝජනා කරනු ලබන්නේ වහාම මෙම වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙන ලෙසත් එසේ නොවන්නේ නම් අග්‍රාමාත්‍යවරයා ද මෙහි චූදිතයෙක් වන බවත් පවසා සිටියා.

“මේ මුල්ගල මුන් තිව්වේ නිදන් හාරන අදහසින්. උන් දැන් විල්පත්තුව විනාශ කරලා ඉවරයි. ප්‍රේමදාස යුගයේ ඉඳලා නිදන් හැරීමේ සම්ප්‍රදායක් තිබුණා. මේක මහින්ද රාජපක්ෂ යුගයෙත් තිබුණා. මේක මේ යුගයේත් තියනවා. ප්‍රාදේශිය ලේකම්වරිය හිර ගත කළ යුතුයි. නිවාස අධිකාරියේ අය මේක කළා නම් නිවාස අධිකාරියේ අය සිරගත කළ යුතුයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අය මේකට සම්බන්ධ නම් ඔවුනුත් මේකට හිර ගත කරන්න ඕන. ඇමතිවරු මේක කළා නම් ඒ අයත් තමන්ගේ ධූරවලින් ඉවත් වෙන්න පුළුවන්. ලබන සුමානේ මම උසාවියට යනවා මේ ගැන කටයුතු කරන්න.  සීගිරියේ කුරුටු ගී වල ඉරක් ඇන්දා කියලා ළමයෙක් මුන් හිර කළා. මේ තරම් විනාශයක් කරලා තියෙද්දිත් මුට මේවා හිරකරන්න බෑ.” හිටපු අමාත්‍යවරයා පවසා සිටියා.

පසුව විජිතපුර බලකොටුවට ආසන්නයෙන් පිහිටි මෙම බැලුම්ගල ප්‍රදේශයේ පිහිටා තිබූ පහන් ගල නම් වූ ස්ථානයට පැමිණ දුටුගැමුණු රජු වෙනුවෙන් පහන් දල්වා යාඥාවක් ඉටු කිරීමටද ඔහු කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here