මැයි 18 ශෝක දිනයක්.., කළු කොඩි ඔසවන්න! – දෙමළ ජාති ඝාතන සතිය වෙනුවෙන් උතුරේ සැමරුම් රැසක්!

0

මැයි 18 වෙනිදා ජාතික ශෝක දිනයක් බවත් සියළු දෙනා කළු කොඩි ඔසවිය යුතු බවත් උතුරු පළාත් සභා මන්ත්‍රි කේ සිවාජිලිංගම් ඉල්ලා සිටිනවා.

පසුගිය 10 වෙනිදා යාපනය මාධ්‍ය සමාජයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කොට තිබෙනවා.

“දෙමළ ජාති ඝාතන සතිය මැයි මස 12 දින සිට මැයි මස 18 දින දක්වා සැමරීමට නියමිතව ඇති තත්වයක මෙම සතියේදි උතුරු නැගෙනහිර පලාත්වල විවිධ ස්ථානවල අනුස්මරණ වැඩ සටහන් පැවැත්වීමට නියමිතව ඇත. මෙහි අවසන් දිනය වන මැයි 18 දිනයේ සියලුම දෙමළ ජනතාව මුල්ලිවායිකාල්වලට රැස් විය යුතුයි. එසේම මෙම දිනයේදි උතුරු නැගෙනහිර සියලුම ද්‍රවිඩයින් තමන්ගේ නිවෙස් ඉදිරිපිට කලු කොඩි එසවිය යුතු අතර එම දිනය ශෝක දිනයක් ලෙස සැමරීමට සියලු දෙනාම තමන්ගේ වෙළද සැල් ව්‍යාපාරික ස්ථාන සහ විනෝද වැඩ සටහන් නවත්වා හැගීම්බරව ශෝක දිනය සැමරිය යුතුයි.” මන්ත්‍රීවරයා මෙහිදි ප්‍රකාශ කොට ඇත.

දෙමළ ජාති විනාශයේ දිනය නිමිත්තෙන් දෙමළ ඊළමේ සිදු වු ජාති ඝාතනයට යුක්තිය ඉල්ලා ජර්මන්වන අගනුවර වන බර්ලින් නගරයේ පසුගිය  11 වෙනිදා ප්‍රදර්ශනයක් පවත්වා ඇති අතර දෙමළ තරුණ සංවිධානය විසින් පවත්වා ඇති මෙම ප්‍රදර්ශනයේදි එරට ජනතාවට අත්පත්‍රිකාද බෙදා හැරි බවත් වාර්තා වෙනවා.

එසේම ඊයේ (12) පස්වරු 1 සිට පස්වරු 5 දක්වා මැයි 18 ජාති ඝාතනයට යුක්තිය ඉල්ලා ප්‍රංශයේ Ivry sur Seine නගර සභාව ඉදිරිපිට සංකේත උද්ඝෝෂණයක් පැවැත්වු බවත් වාර්තා වෙනවා.

මේ අතර යාපනය විශ්ව විද්‍යාල සිසුන් විසින් ලබන 18 දින පැවැත්වීමට සංවිධානය කර ඇති මුල්ලිවායිකාල් අනුස්මරණ වැඩ සටහන පිළිබද සාකච්ඡාවක් පෙරේදා (11) යාපනය විශ්ව විද්‍යාලයේ මිලේනියම් නේවාසිකාගාරයේදි යාපනය විශ්ව විද්‍යාල ශීෂ්‍ය සංගමයේ සභාපති ක්‍රීෂ්ණමීනන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වූ අතර  මෙම සාකච්ඡාවට උතුරු නැගෙනහිර සිවිල් සංවිධාන, අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සාමාජිකයින්, රැකියා විරහිත උපාධිධාරින්ගේ කාන්තා සංගමයේ සාමාජිකයින්, ආගමික නායකයින් සහ මාධ්‍යවේදීන් ඇතුලු බොහෝ පිරිසක් සහභාගි වි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here