සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව විශ්වාස කරන එකම නායකයා මෛත්‍රිපාල සිරිසේනයි!

0

සිංහල දෙමළ මුස්ලිම් ආදී සියලු ජන කොටස්වල විශ්වාසය දිනා ගත හැකි එකම නායකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඊයේ (12) පැවති ජන රැලියක් අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

“අපෙන් ගිය 16 දෙනා වෙන පක්ෂයකට යන්නේ නෑ කියලා පොරොන්දු වෙලා තියනවා. එතන ඉන්න එක්කෙන් දෙන්නෙක් අපිටත් එක එක දේවල් කියනවා. ඒත් මම ස්ථිරවම කියනවා. අපි මේ දේශපාලනයට ඇවිත් දැන් අවුරුදු 27යි 28ක් වෙන්න යනවා. මේ කාලය පුරාම ජනතා විශ්වාසය අපිට තියෙන්නේ අපි එක පක්ෂයක කෙලින් කටයුතු කළ නිසා. මම පැහැදිළිවම කියනවා අපේ දේශපාලනයේ කිසිම අවස්ථාවක අපි එක්සත් ජාතික පක්ෂයට යන්න කටයුතු කරන්නේ නෑ වගේම කවදාවත් ඔය හදාගෙන ඉන්න පොහොට්ටුවට යන්නෙත් නෑ කියලා. අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉදගෙන කටයුතු කරනවා.”

“ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩු හදන්න පුළුවන්. 2020 අපේ බලාපොරොත්තුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා දේශපාලනයෙන් 2020 විශ්‍රාම යන්නේ නෑ කියලා. විශ්‍රාම යන්නේ නෑ කියන්නේ එතුමා ඊලඟ ගම් සභා ඡන්දයට ඉල්ලනවා නෙමෙයි. එතුමා ඉදිරිපත් වෙන්නේ ඊලඟ ජනාධිපතිවරණයට. ඒ තමයි 2019 දෙසැම්බර් මාසයේ එන්නේ. ඒ මැතිවරණයෙන් එතුමා ජනාධිපති වුණා ම මොකද ඒක වෙනස් වෙන්නේ නෑ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ විශ්වාස දිනා ගන්න පුළුවන් එකම නායකයා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා. එතකොට 2020 සැප්තැම්බර් වෙනකොට එනවා මහ මැතිවරණය එතකොට අපි හදන්න හදන්නේ හවුල් ආන්ඩුවක් නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මුල් කර ගත්තු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදන්න.” අමාත්‍යවරයා පවසා සිටියා.

Mahinda Amaraweera

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here