ඇමතිට, කැබිනෙට්ටුවට, පාර්ලිමේන්තුවට කොලේ වහන චාන්දනී විජේවර්ධන කවුද? 1915යි…, 2015යි ඉතිහාස ගත වෙයිද?

4

සිංගප්පූරු ශ්‍රි ලංකා වෙළද ගිවිසුම මෙහෙයවන ප්‍රධාන බලවේග වන්නේ හිටපු මහ බැංකු අධිපතිවරයා සහ ඔහුගේ ගජ මිතුරන් පිරිසක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා.

ඊයේ (13) පැවති ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර තිබු මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“මහින්ද රාජපක්ෂ යුගයේදි එක වර්ෂයකට ඛනිජ තෙල් ආනායනය කරන්න ගිය මුදල ඇමෙරිකානු බොලර් බිලියන 5ක්. 2016 වනකොට එය බිලියන 2.6කට අඩුවෙලා. ඒක තමයි පරම සත්‍යය. හම්බන්තොට වරාය විකුණන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න මේ දෙකම කර ගන්න ඕන නෑ මේ තෙල් වලින් ඉතුරු වන මුදල ආණ්ඩුව හරියට කළමනාකරණය කරගන්න දැන ගෙන හිටියා නම්. විශාල ප්‍රාතිහාරයකින් ඩොලර් කන්දක් මේ රටට පාත් වුණේ නැත්නම් ඩොලරය යනවා 165 ට මෙ වර්ෂය අවසානයේදි. එ තත්ත්වය එහෙම වෙනකොට මලික් සමරවික්‍රම අමාත්‍යතුමා හා සිංගප්පුරුවේ වාණිජ කටයුතු අමාත්‍යතුමා අත්සන් කරලා තියන මේ ගිවිසුම යටතේ එට්කා ගිවිසුම යටතේ ඉන්දියාවේ ඉදලා එන්න බැරි වෙච්ච සියළු දෙනාට දැන් සිංගප්පුරුවේ ඉදලා ලංකාවට එන්න පුළුවන්. මහා බලවත් චාන්දනී විජේවර්ධන නෝනා මහත්මිය ඉන්නේ එතුමියට මහා බලයක් පවරලා දීලා නෑනේ ලංකාව පාවා දෙන්න ජනතා බලවේගයකින් හෝ වෙනත් බලවේගයකින්. අමාත්‍යවරයාට කොලේ වහනවා නම්, කැබිනට් මණ්ඩලයට කොලේ වහනවා නම්, පාර්ලිමේන්තුවට කොලේ වහනවා නම් කවුද ඒ? කොහොමද එහෙම කරන්නේ? අපේ විශ්වාසය තමයි අර්ජුණ මහේන්ද්‍රන් මහතා හා ඒ ගජමිතුරු රැල විසින් තමයි මේක පිටිපස්සේ ඉදගෙන මෙහෙයවන ප්‍රධාන කල්ලිය. ඒනිසා අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටිනවා 1915 යි 2015 යි එකම ක්‍රියාවලිය වන දේශපාලන නායකයා විදියට ඉතිහාස ගත වෙන්න එපා කියලා.”මන්ත්‍රිවරයා ඉල්ලා සිටියා.

Bandula Gunawardane

4 COMMENTS

  1. What’s up to all, it’s really a pleasant for me to pay a

    quick visit this web page, it includes helpful Information.

  2. I applied for a mortgage from over four firms and acquired ripped

    off I lost over R20000 I used to be frustrated

    and drained until a buddy of mine within the Uk Helen linked me to a dependable mortgage company MARTIN STEVE FINANCE COMPANIES.

    I contacted them and so they despatched me the mortgage. I

    have i can be making my seventh monthly mortgage repayment by 25 of this month.

  3. The other day, while I was at work, my cousin stole my iPad and tested to see if it

    can survive a thirty foot drop, just so she can be a youtube sensation. My

    apple ipad is now broken and she has 83 views. I know this is completely off

    topic but I had to share it with someone!

  4. In 2010, the National Organic Standards Board (NOSB) really helpful

    prohibiting hydroponic and aeroponic” programs from natural certification as a result of their

    exclusion of soil-plant ecology intrinsic to organic farming techniques”.

Comments are closed.