පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වෙලාවට එළියට එයි…..!

0

2020 ජනාධිපතිවරණය සඳහා ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්‍ෂකයා වන්නේ කවුද යන ප්‍රශ්නයට පිළිතුර නිසි වේලාවේදි හෙලි කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා.

2020 ජනාධිපතිවරණය තවම ප්‍රකාශයට පත් වී නොමැති බවත් එය ප්‍රකාශයට පත් වූ වහාම ජනාධිපතිවරණය සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා කවුරුන්ද කියා රටට හෙළිකරන බවයි හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ.

දේශපාලනමය වශයෙන් වර්තමානයේදී හොඳටම බංකොලොත් වී සිටින ඇතැම් පිරිස් රාජපක්‍ෂවරුන් අතර බේද ඇති කිරීමට බොලඳ උත්සාහයන් ගන්නා බවත් රාජපක්‍ෂ පවුල තුළ කුඩා කාලයේදීත්වත් රණ්ඩු සරුවල් සිදු නොවූ බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ඉතිහාසයේ සිටම රට වෙනුවෙන් රාජපක්‍ෂවරුන් සමඟි සම්පන්නව කැපවී ක්‍රියාකර තිබෙන බව ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙන බවත් එය ඉදිරියටද එසේම වන බවත් මහින්ද රාජපක්‍ෂ  හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

Mahinda Rajapaksa