ජනතාවට බදු ගහලා රට කරන්න ඕන නම් ආණ්ඩුවක් මොකටද?

0

රටට ආදායම් ලැබෙන මාර්ග දියුණු කිරීමෙන් තොරව ජනතාව මත විවිධ බදු පැනවීම මගින් රජයේ අදායම වැඩ් කර ගැනීමට හැකියාවක් ලැබෙන බවට රජය වැරදි වැටහීමක සිටින බව අස්ගිරි පාර්ශ්වයේ  ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සභාපති ජී එල් පිරිස් ඊයේ (13) උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදය.

“රටේ නිෂ්පාදනයන් වැඩි කරල විදේශ විනිමය උත්පාදනය කරගන්න ඕනෑ. කෘෂිකාර්මික වශයෙන් දියුණුවක් ඇති කරගන්න ඕනෑ. නමුත් ඒ කිසි දෙයක් නැතුව විවිදාකාරයෙන් බදු පැනවීමෙන් මිනිස්සු පීඩනයට පත්කිරීමෙන් මනුස්සයාගේ තියෙන දුක් ගැනවිලි වැඩිවීමක් වෙනවා. එවිට රටේ සංවර්ධනය සම්පූර්ණයෙන් ඇන හිටිනවා. රටේ ආර්ථිකය සතුටුදායකයි කියා අපිට කියන්නට හැකියාවකුත් නෑ.”

“අපි මේ සම්බන්බන්ධව රජයට විවිද අවස්ථාවලදි කියලා තියෙනවා. මේ විදිහට දිගින් දිගටම ගියොත් රටේ ආර්ථිකය වගේම ජනතාවත් දුගී දුප්පත් කමට පත්වෙනවා. මෙහෙම යෑම රටේ දේශපාලන අස්ථාවර භාවයට හේතුවක් වෙනවා. මේ අකාරයට දිගින් දිගටම යද්දි අපට හානි කරන්නට බලන් ඉන්න විදෙස් රටවල් වල පිරිස් වලට අපව යටත් කර ගැනීමේ අවකාශයක් ඇති වෙනවා. එනිසා දේශපාලනයේ ඉන්න කවුරුත් මේ දේවල් ගැන කල්පනාකාරි වෙන්න වෙනවා,” උන්වහන්සේ මෙහිදි වැඩිදුරටත් පවසා තිබෙනවා.