මැතිවරණ වියදම් වලට සීමා පනවන්න…., සාධාරණ මැතිවරණ පරිසරයක් නිර්මාණය කරන්න!

1

පළාත් පාලන මැතිවරණයේ අත්දැකීම් සැලකිල්ලට ගනිමින් පළාත් සභා මැතිවරණයට පෙරාතුව මෙම පනත සුදුසු සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කලහොත් ඡන්ද දායකයාගේ සැබෑ අපේක්ෂාව ඉටු වනු ඇති බව පැෆරල් සංවිධානය පෙන්වා දෙනවා.

පළාත් සභා, පළාත් පාලන හා ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානය මේ බව පෙන්වා දෙනවා.

ගරු ෆයිසර් මුස්තාපා මැතිතුමා,                                     
පළාත් සභා, පළාත් පාලන හා ක‍්‍රීඩා අමාත්‍ය,
නො.330,
යූනියන් පෙදෙස,
කොළඹ 02.
 
ගරු අමාත්‍යතුමනි,
 
2017 වර්ෂයේදී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින්ගේ ප‍්‍රචාරක වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත
 
ඔබතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය පිළිබඳව කැබිනට් කමිටු රැස්වීමේදී මැතිවරණ ක‍්‍රමය වෙනස් වූ පමණින්ම සාධාරණ වටපිටාවක් නිර්මාණය නොවන බවත් දේශපාලන පක්ෂවල හා අපේක්ෂකයින්ගේ ප‍්‍රචාරක වියදම් සීමා කිරීමේ නීති ගෙන ආ යුතු බවත් අප දැඩිව අවධාරණය කරන ලදී.
 
එමෙන්ම අදාල රැස්වීමේදී දේශපාලන පක්ෂ වල සහ මැතිවරණ සඳහා තරග වදින අපේක්ෂකයින්ගේ ප‍්‍රචාරක වියදම් සීමා කිරීම සඳහා වූ කෙටුම්පතක් සකස් කිරීමේ වගකීම පැෆ්රල් සංවිධානය විසින් භාරගන්නා ලද අතර, ඉන් අනතුරුව පැෆ්රල් සංවිධානය, මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සමග ඒකාබද්ධව මැතිවරණ කොමිෂන් සභාවේද සහයෝගය සහ උපදේශකත්වය සහිතව දේශපාලන පක්ෂ වල හා මැතිවරණ නිලධාරීන්ගේ සහ විවිධ ක්ෂේත‍්‍රවල බුද්ධිමතුන්ගේ අදහස් හා යෝජනා සලකා බලා සකස් කරන ලද කෙටුම්පත ඉදිරි කටයුතු සඳහා ඔබතුමා වෙත 2017 අගෝස්තු මස 03 වන දින භාර දෙන ලද අතර එය පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් 225 දෙනා වෙතද යොමු කරන ලදී.
 
පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම කොට්ඨාශ ක‍්‍රමයට පැවැත්වීම වියදම් සීමා කිරීමට යහපත්සේ බලපායි යන විශ්වාසය අප තුළ පැවතියද සමහර අපේක්ෂකයන් මිලියන ගණනක මුදල් මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදවමින් ඡන්ද දායකයන්ට අල්ලස් ලබාදීම් වාර්තා විය.
 
එබැවින් පළාත් පාලන මැතිවරණයේ අත්දැකීම් සැලකිල්ලට ගනිමින් පළාත් සභා මැතිවරණයට පෙරාතුව මෙම පනත සුදුසු සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කලහොත් මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමේ සැබෑ අපේක්ෂාව ඉටුවීම මෙන්ම සමාන භූමියක මැතිවරණ සඳහා තරග වැදීමේ අයිතියද සුරක්ෂිත වනු ඇත.
 
මේ පිළිබඳව ඔබතුමා දක්වන උනන්දුව බෙහෙවින් අගය කරනු ලබන අතර ඒ සඳහා කඩිනම් ක‍්‍රියා මාර්ගද ගනු ඇතැයි අප අපේක්ෂා කරමු.
 
මෙයට,
විශ්වාස,
 
රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂක

1 COMMENT

  1. My family all the time say that I am wasting my time here at net, however I
    know I am getting familiarity every day by reading thes
    pleasant content.

Comments are closed.