2020 ජනාධිපති වෙන්න ඕන විශ්වාස කරන්න පුළුවන් පුද්ගලයෙක්…..!

0

2020 ජනාධිපතිවරණය යනු ලංකාවේ ජනතාවට ලැබෙන අවසන් අවස්ථාව ලෙසට ලෙසත් ඒ සඳහා බුද්ධිමත් මහත්මයෙකු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ඇති බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

රටේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියා.

“මේක දැන් සුද්දොන්ගේ උපදෙස් මත දුවන රටක් නේ. 9 ශ්‍රේණියෙන් ටිබෙට් හාමුදුරුවන්ගේ කවි පන්තිය ඉවත් කරන්න හදනවා, මහගමසේකර මහත්තයාගේ රත්න දීප ගීතය ඉවත් කරන්න හදනවා. අනාගාරික ධර්මපාල තුමාගේ ජිවිත කතාව ඉවත් කරන්න හදනවා. මේ ළමයි කියන්නේ මොකද්ද කියලා ආණ්ඩුව තීරණය කරන්න එපැයි. මේ වා පිටිපස්සේ දේශපාලන අදහසුත් තියනවා, මමත් දන්නවා එක.”

“එළඹෙන ජනාධිපතිවරණයේදි මේ රටේ ජනතාවගෙන් මම අවංකව ඉල්ලා සිටින්නේ දේශපාලන පක්ෂ ගැන හිතනවාට වඩා බුද්ධිමත්ව මේ රටට අද ඇති වෙලා තියන ප්‍රශ්න ගැන කල්පනා කරලා තීරණයක් ගත යුතුයි කියන එකයි මගේ මතය. මගේ ඉල්ලීම් 5ක් තියනවා. ඒ ඉල්ලීම් 5 දළදා හාමුදුරුවෝ ගාවදි අත්සන් කරන කෙනාට මම උදව් කරනවා. විශ්වාස කරන්න පුළුවන් චරිතයක්, මහත්මයෙක්, රටට රටේ සම්පත්වලට රටේ ඉතිහාසයට ගරු කරන ආදරය කරන චරිතයක් සොයා ගත යුතුයි මේ ජනාධිපතිවරණයේදි. මේ අවසන් අවස්ථාව  මේරටේ මිනිස්සුන්ට ලැබෙන කියන එකයි මගේ විශ්වාසය. ඒකයි මමත් දේශපාලන වේදිකාවට එන්න තීරණය කරලා තියෙන්නේ. දේශපාලනය අභිබවා ගිය ජාතික ව්‍යාපාරයක් මම දැනට පෙළගස්වලා තියනවා.” උන්වහන්සේ පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here