වතුකරයේ ජනතාවටත් භූමිතෙල් සහනාධාරය දෙන්න!

0

වැඩි වු ඉන්ධන මිලත් සමගම භුමිතෙල් මිල ඉහළ යැම නිසා තවමත් භුමිතෙල් පාවිච්චි කරන වතුකරයේ ජනතාට ගැටලු රැසක් මතු වි ඇති බව මධ්‍යම පලාත් ද්‍රවිඩ අධ්‍යාපන හා හින්දු සංස්කෘතින අමාත්‍යය මරදපාණ්ඩි රාමේෂ්වරන්  පවසනවා.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ මධ්‍යම පලාත් හින්දු සංස්කෘතික අමාත්‍යංශයේ මුදල් ප්‍රතිපාදන මත ඊයේ(13) පස්වරුවේ වටවල ප්‍රදේශයේ පැවැති අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ හින්දු කෝවිල් ගණනාවකටම දේව ප්‍රතිමා ඇතලු හින්දු කොවිල් උපකරණ බෙදා දිමේ උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යයවරයා කියා සිටියේ වතුකරයේ වැඩි පිරිසකගේ නිවාස වලට විදුලි බලය තිබුණත් බහුතර වතු කම්කරු පිරිසක් දෛනිකව තම අවශයතාවය පරිදි භුමිතෙල් පරිහරණය කරන බවයි.

එම ජනතාව වෙනුවෙන් වැඩි වු භුමිතෙල් මිලට සමගාමිව ඔහුන්ට රජය මගින් භුමිතෙල් සහනාධාරයක් ලබා දිය යුතු බවය.

මෙම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ ජෙෂ්ඨ නායකයින් රැසක් සහභාගි විය

හැටන් රංජිත් රාජපක්ෂ