ආණ්ඩුව පෙරලන්න පාරට බැස්සට රාජපක්ෂ වගේ වෙඩි තියන්නේ නෑ…!

0

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුගත වී හෝ තෙල් මිල පහතට දැමීමට කටයුතු නොකළ බවත් තවමත් තෙල් මිල එම යුගයට වඩා අඩු මට්ටමක අවතින් බවත් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

අද (14) කැළණිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

ආණ්ඩුවෙන් තෙල් මිල ඉහල දැම්මා. ඒකෙන් ලොකු අර්බුදයක් නිර්මාණය වෙලා තියනවා රටේ. ඇයි මෙහෙම කරන්නේ රටේ ජනතාවට?

“ඔබතුමා දන්නවානේ තෙල් මිල ඉහළ දැම්මාට පස්සෙත් තවමත් තියෙන්නේ 2015 අපි රට බාර ගන්නකොට තෙල් මිල තිබ්බාට වඩා අඩුවෙන්. එක හින්දා දැන් කොහොමද අමුතුම අර්බුදයක් එන්නේ. ”

හැබැයි ධීවර ජනතාව පාරට බහින්න හදන්නේ භූමිතෙල් මිලට ඉහළ දැමීමට විරුද්ධව?

“ඔව් ඉතින් ධීවර ජනතාව පාරට බැස්සොත් අපි ඒ අයට ඇහුම්කන් දෙනවා. අපි අර හලාවත ඇන්තනීට වෙඩි තිව්වා වගේ වෙඩි තියන්න යන්නේ නෑ. ලෝකයේ මිල ඉහළ යාම් වලට සමානව අපේ වගේ රට වල මිල ඉහළ දැමීම් ඉහළ දාන්න සිද්ධ වෙනවා. ඒ මිල අප් ආස විදියටම තියාගෙන ඉන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දීලත් මහින්ද රාජපක්ෂ පාලකයා ඒ අවස්ථාවේ ඉන්ධන මිල පහල දැම්මේ නෑ. එයා ඒ තීරණය ගනන් නොගෙන හිටියා. අපි ඒ වගේ වැඩ කරන්නේ නෑ.”

හැබැයි ඒකාබද්ධ විපක්ෂය කියනවා එයාලා ධීවරයන්ට සහයෝගය දෙනවා කියලා ආණ්ඩුව පෙරලන්න?

“ඔව් ඉතින් පුළුවන් නම් පෙරලලා බලන්න කියන්න.”

Sarath Fonseka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here